විදේශ රැකියා අපේක්ෂකයන්ට පොලිස් වාර්තා නිකුත් කිරීමේදි ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.
විදේශ රැකියා සඳහා පිටත්ව යාමේදී ලබාගත යුතු පොලිස් නිෂ්කාශන වාර්තාවට පෙරවැරදි සහ සුළු වැරදි ඇතුළත් කිරීමේදී එම ලිහිල් ප්‍රතිපත්තිය අනුගමනය කිරීමට තීරණය කර ඇති බව සදහන්.
කොරියානු රැකියා සහ වෙනත් රටවල රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයන්ගේ පොලිස් වාර්තාවට සුළු වැරදි සහ නිදොස් කොට නිදහස් වූ අධිකරණමය කරුණු ඇතුළත් කිරීම නිසා රැකියා අවස්ථා අහිමිවන බවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ප්‍රකාශ කර තිබේ.














































