අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකරන ලද වැටලීමකදී රුපියල් 50,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් බවට කියන පොලිස් සැරයන් වරයකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අම්පාර ,දමන පොලිසියට අනියුක්තව රාජකාරි කරන පොලිස් සැරයන්වරයකු බව වාර්තාවේ.
අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවකට වාසි සහගත වන ආකාරයට අධිකරණයට කරුණු වාර්තා කිරීම සදහා සහ පෞද්ගලික සමාගමකින් ලැබිය යුතු මුදලක් අයකර ගැනීමට අවශ්‍ය කටයුතුඅධිකරණය හරහා කර දීමට යැයි කියා දමන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගෙන් සැකකාර සැරයන් වරයා මෙම මුදල අල්ලස් වශයෙන් ඉල්ලා ඇති බව කොමිසමේ උසස් නිලධාරියෙක් සදහන් කොට තිබේ.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් මෙම පොලිස් සැරයන් වරයා සම්බන්ධයෙන් කොමිසමේ නිලධාරීන් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වන බව පැවසේ.














































