පොලිස් නිලධාරීන් හට පහර දී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මුදා ගෙන ගිය සැකකරුවන් කණ්ඩායමක් සොයා මහනුවර පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.
බෝගම්බර ප්‍රදේශයේ රථ වාහන නඩුවකට වරෙන්තු වී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන පොලිසිය වෙත රැගෙන ඒමට සූදානම් වීමේදී එම ස්ථානයට පැමිණි 15 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් පොලිස් නිලධාරීන් හට තර්ජනය කර පහර දී සැකකරුව මුදා ගෙන ගොස් ඇති බව සඳහන් වේ.