අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ අද (28) තෙදින නිල සංචාරයක් සඳහා හංගේරියාවට පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් අනතුරුව කලාපයේ හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙම නිල සංචාරයේ අරමුණ බව සඳහන්.
නමුත් මීට පෙර හංගේරියානු අග්‍රාමාත්‍යවරයාගේ සංක්‍රමණික විරෝධී ප්‍රතිපත්තියට ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විරෝධය පළ කර තිබුණි. එමෙන්ම හංගේරියාව සහ යුක්‍රේනය අතර කිලෝමිටර් 134 ක දේශසීමාවක් පවතින අතර හංගේරියාව යුක්‍රේන අරබුදය හමුවේ රුසියානු පාර්ශවය නියෝජනය කරන බව ද වාර්තා කරයි.















































