ගෝලිය ජනගහනයෙන් 60% කගේ නිවහන සහ ගෝලිය වර්ධනයට ප්‍රධාන දායකත්වය සපයන ලොව විශාලතම ආර්ථිකය ලෙස ආසියාව ලොවට මහගු සේවයක් ඉටු කරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ජපානයේ ටෝකියෝ හි පැවති ආසියාවේ අනාගතය පිළිබඳව Nikkei සංසදය අමතමින් ජනපති මේ බව ප්‍රකාශ කර තිබේ.
ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ මානව හිමිකම්, දේශගුණික විපර්යාස සහ වෙළෙද ඒකාබද්ධතාවය යනු ආසියාව මුහුණ දෙන ප්‍රධාන අභියෝගයයි.
ආසියානු රටවල මානව හිමිකම් සහ විවිධ දේශපාලන පද්ධති සහ නිර්වචන වලට ගරු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබේ.














































