චීන නිල සංචාරය ආරම්භ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (14) දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ.
එම සංචාරයේදී ජනාධිපතිවරයා චීන ජනාධිපති ෂී ජින් පින් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත බව සදහන්.
එසේම නව වෙළෙඳ ගිවිසුම් කිහිපයකටද එහිදී අත්සන් තැබීමට සැලසුම් කර ඇති අතර ඒ සදහා පෙරේදා දින අමාත්‍ය මණ්ඩල අනුමැතියද හිමිවූ බව සදහන්.
මෙරට විශාලම විදේශ ණය හිමියා වන චීනය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට සිදු කරනු ලබන මැදිහත්වීම පිළිබඳව මෙම සංචාරයේදී වැඩි අවදානයක් යොමුවනු ඇති .














































