ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙදින නිල සංචාරයක් සඳහා සිංගප්පූරුවට ගිය අතර එහිදී අද (21) පෙරවරුවේ සිංගප්පුරු ජනාධිපතිනි හලීමා යාකොබ් මහත්මිය හමු වී සාකච්ඡාවක නිරත වී තිබෙන බව වාර්තා වේ.
එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පුරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූන්ග් , ආරක්ෂක අමාත්‍ය නෙං එං හෙන් සහ පරිසර අමාත්‍ය ග්‍රේස් ෆූ හායි යෙන් යන මහත්ම මහත්මීන් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.
මෙහිදී දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවලට අමතරව පැරිස් ගිවිසුමට අනුව කාබන් හර කිරීම පිළිබඳව අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබීමට නියමිත බව සඳහන්.