English
සිංහල
03:04 සිකුරාදා, ඔක්තෝබර් 24, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    පලා ගිය ජනපති චැනල් 4 ට උත්තර අරන් කරලියට.

    publisher 1 by publisher 1
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    චැනල් 4 නාලිකාවේ නවතම චිත්‍රපටය 2005 සිට පැවැති රාජපක්ෂ පාලනයට මඩගැසීම අරමුණු කරගත් රාජපක්ෂ විරෝධී ප්‍රහාරයක් බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ ප්‍රකාශ කරයි.

    පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ වාර්තාව තමන්ට භාරදුන් පසු, එය ප්‍රසිද්ධියට පත් කිරීම ප්‍රතික්ෂේප කළ බවට චැනල් 4 නාලිකාව එල්ල කරන චෝදනාව ද “අමූලික බොරුවක්” නවද හිටපු ජනාධිපතිවරයා අවධාරණය කරයි.

    චැනල් 4 නාලිකාව නිර්මාණය කළ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධ වැඩසටහනින් එල්ල කර ඇති චෝදනාවලට පිළිතුරු ලබාදෙමින් නිවේදනයක් නිකුත් කරන හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.

    රටින් පලා ගිය ජනාධිපතිවරයා චෝදනාවට එරෙහිව ලබා දී තිබෙන දීර්ඝ පිළිතුර පහතින් දැක්වේ.

    “2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය 2019 නොවැම්බරයේ දී මා බලයට පත් කිරීමට අවශ්‍ය වාතාවරණය නිර්මාණය කිරීම සඳහා හිතාමතාම සිදුකරනු ලැබූවක් බව වැනල් 4 නාලිකාව විසින් විකාශය කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ නවතම චිත්‍රපටයේ ඇති ප්‍රධානම චෝදනාවයි. මෙම චෝදනාව රඳාපවතින්නේ යුරෝපයේ දේශපාලන රැකවරණ සඳහා අයදුම්කරුවෙකු වන හන්සීර් අසාද් මවුලානා නැමැත්තෙකු විසින් ප්‍රධාන මැරෙන බෝම්බකරු සහරාන් සහ ඔහුගේ සහෝදරයා වන සයිනි මව්ලවි යන අයට මේජර් ජෙනරාල් සුරේෂ් සලේ හඳුන්වා දුන් බවට කර ඇති ප්‍රකාශයකි. මේජර් ජෙනරාල් සුරේෂ් සලේ වඩාත් ප්‍රසිද්ධ වී සිටින්නේ හමුදා බුද්ධි සේවා අධ්‍යක්‍ෂ ලෙස ඉටු කරන ලද ඔහුගේ අතීත භූමිකාව නිසාය. මේජර් ජෙනරාල් සලේ මගේ අනුගාමිකයෙකු ලෙස චැනල් 4 නාලිකාව හඳුන්වා ඇත. නමුත් ඔහු ජනාධිපතිවරුන් ගණනාවක් යටතේ සේවය කර ඇති වෘත්තීය හමුදා නිලධාරියෙකු වන අතර, සියලුම හමුදා නිලධාරීන් තනි පුද්ගලයින්ට නොව රජයට පක්ෂපාතී වේ. මම ද හිටපු හමුදා නිලධාරියෙක් වන අතර, ඔහු මෙන්ම මමත් විවිධ ආණ්ඩු යටතේ සේවය කර ඇත්තෙමි, 2015 දී ආරක්‍ෂක ලේකම් තනතුරෙන් ඉවත් වීමෙන් පසු, 2019 දී ජනාධිපති ධුරයට පත්වනතුරුම මමත්, මේජර් ජෙනරාල් සලේත් අතර කිසිදු සම්බන්ධයක් නොවීය. තමා 2016 දී හමුදා බුද්ධි අධ්‍යක්‍ෂ තනතුරෙන් ඉවත් කරනු ලැබූ අතර, එතැන් සිට 2018 දෙසැම්බර් දක්වා මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මිනිස්ටර් – කවුන්සලර් තනතුරේ කටයුතු කළ බවත්, මෙම හමුව සිදු වූවා යැයි කියන අවස්ථාවේ ඔහු ශ්‍රී ලංකාවේ නොසිටි බවත් මේජර් ජෙනරාල් සලේ චැනල් 4 වෙත දන්වා තිබුණි. තවද, 2019 ජනවාරි සිට නොවැම්බර් මස දක්වා ඔහු ජාතික ආරක්ෂක විද්‍යාල පාඨමාලාව හදාරමින් ඉන්දියාවේ සිටි අතර, 2016 සිට 2019 දක්වා මේ මුළු කාල පරිච්ඡේදය තුළම ඔහු ශ්‍රී ලංකාවේ ආරක්ෂක ව්‍යුහය තුළ ක්‍රියාත්මක නොවුන බව ද දන්වා ඇත. 2016 දී මේජර් ජෙනරාල් සලේ හමුදා බුද්ධි අංශයෙන් ඉවත් කිරීමෙන් පසු ඔහු නැවත කිසි දිනෙක එම සංවිධානයේ සේවය නොකළේය. 2019 දෙසැම්බර් මාසයේ සිට රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස ඔහු නැවත බුද්ධි ක්‍ෂේත්‍රයට සම්බන්ධ වූයේ මා ජනාධිපති වූ පසුව පමණි. එබැවින් 2018 පෙබරවාරි මාසයේ දී මේජර් ජෙනරාල් සලේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් හමු වුවා යැයි කියන මෙම කතාව පැහැදිලිවම ගොතන ලද්දකි.

    මරාගෙන මැරෙන බෝම්බකරුවන් සමඟ හමුදා බුද්ධි අංශ සම්බන්ධ වූ බවට ඔවුන්ගේ චෝදනාව තහවුරු කිරීම සඳහා, 2018 නොවැම්බර් 30 වන දින වඩ්නකිව් හීදි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කර ඔවුන්ගේ ආයුධ සොරකම් කිරීම සහ 2019 ජනවාරි 16 වන දා වනාතවිල්ලුව ආරක්‍ෂිත නිවාසයක් තුල පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයාගත් සිද්ධීන් සම්බන්ධයෙන් ආරම්භ කරන ලද පොලිස් පරීක්ෂණ හමුදා බුද්ධි අංශ විසින් කඩාකප්පල් කල බව මෙම චිත්‍රපටයේ කියැවේ. 2015 – 2019 ආණ්ඩුව බුද්ධි අංශ සහ විශේෂයෙන්ම හමුදා බුද්ධි අංශ දඩයම් කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කල බව මුළු රටම දනී. හමුදා බුද්ධි අංශයේ සාමාජිකයන් සැලකිය යුතු ගණනක් යහපාලන ආණ්ඩුව සමයේ මාස ගණන්, අවුරුදු ගණන් රිමාන්ඩ් භාරයේ සහ පොලිස් අත්අඩංගුවේ කාලය ගත කළ බවත් සියලුම ශ්‍රී ලාංකිකයන් දනිති. එබැවින් 2015 – 2019 ආණ්ඩුව සමයේ හමුදා බුද්ධි අංශය පොලිස් විමර්ශන කඩාකප්පල් කළ බවට කරන ප්‍රකාශය හාස්‍යයට කරුණකි.
    2015-2019 ආණ්ඩුව විසින් මුස්ලිම් අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් නොසලකා හැරිය බව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම ඉතා පැහැදිලිව ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලාංකිකයින් 32 දෙනෙකු සිරියාවට ගොස් අයිඑස්අයිඑස් ත්‍රස්ත කණ්ඩායමට සම්බන්ධ වී ඇති බවත්, විදේශීය ඉස්ලාම් ආගමික දේශකයින් ශ්‍රී ලංකාවට පැමිණ අන්තවාදී ඉගැන්වීම් ප්‍රචාරය කරන බවට 2016 නොවැම්බර් 18 වන දා එවකට අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්‍ෂ කළ හෙළිදරව්වද එම ආණ්ඩුව නොසලකා හැරිය බව ඔවුන් ප්‍රකාශ කළේය. පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බකරුවන් 2018 මාර්තු 23 සිට 25 දක්වා ලේවැල්ල ප්‍රදේශයේ ලැගුම් හලක පුහුණු කඳවුරු පවත්වා ඇති අතර 2018 අප්‍රේල් සහ මැයි මාසවල දී නුවරඑළිය ප්‍රදේශයේ ලැගුම් හලක ද තවත් රැස්වීම් පවත්වා ඇති අතර, ඒ සියල්ල පොලිසියට වාර්තා වී තිබූ නමුත් විමර්ශනය කර නැත.

    සඟරාන් භෂීගේ සොහොයුරා වන රිල්වාන් 2018 අගෝස්තු 27 අලුයම කාත්තන්කුඩි ප්‍රදේශයේ පුපුරන ද්‍රව්‍ය අත්හදා බැලීමේ දී බරපතළ තුවාල ලැබීය. කලින් සඳහන් කළ වව්නතිව් සහ වනාතවිල්ලුව සිද්ධීන් හැරුණු විට 2018 දෙසැම්බර් මස අගදී මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට ද ප්‍රහාර එල්ල වූ සිද්ධීන් ද විය. ජනාධිපති කොමිෂන් සභාව නිරීක්ෂණය කළ පරිදි, මෙම ඕනෑම සිදුවීමක් නිසි ලෙස විමර්ශනය කලේ නම් ත්‍රස්තවාදීන් කලින් අත්අඩංගුවට ගෙන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වැළැක්වීමට හැකි වීමට ඉඩ තිබුණි. මෙම පරීක්ෂණ භාරව සිටියේ පොලිසිය මිස හමුදා බුද්ධි අංශ නොවේ. මේ මුළු කාලය තුළම මම බලයේ නොසිටියා පමණක් නොව බොහෝ බුද්ධි අංශ සහ ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් මෙන්ම, මමද එවක ආණ්ඩුවේ දඩයමට හසු වී, 2015 සිට 2019 නොවැම්බර මස ජනාධිපති වන තෙක්ම එක් පොලිස් ඒකකයකින් තවත් පොලිස් ඒකකයකටත් එක් උසාවියකින් තවත් උසාවියකටත් යමින් සිටියෙමි.

    මේ අලුත් චිත්‍රපටියෙන් මට එල්ල වූ එක් චෝදනාවක් වූයේ, මම ජනාධිපති වූ පසු පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පරීක්ෂණ කරන නිලධාරීන් මාරු කර පරීක්‍ෂණ කඩාකප්පල් කළ බවය. මේ සඳහන අදාළ වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකරට බව මම උපකල්පනය කරමි. මහාධිකරණයේ විභාග වෙමින් පැවති අපරාධ නඩුවකට බලපෑම් කිරීමට දේශපාලනඥයෙකු සමඟ ශානි අබේසේකර කුමන්ත්‍රණය කළ බවට දුරකථන හඬපට වලින් හෙළි වී තිබූ අතර, ඔහු වැන්නකු මොනම තත්ත්වයක් යටතේවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකීම් සහිත තනතුරක තබා ගැනීමට මොනම ආණ්ඩුවකටවත් නොහැක. නමුත් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කල ජනාධිපති කොමිසමට අනුයුක්තව සිටි පොලිස් නිලධාරීන් කිසිවෙක් මා බලයට පත්වීමෙන් පසු මාරු කර යවනු ලැබුනේ නැත. පාස්කු ඉරිදා ප්‍රහාරයත් මම බලයට පත් වීමත් අතර මාස හතකට ආසන්න පරතරයක් තිබුණ නිසා ඒ කාලය තුළත් පරීක්ෂණ පැවැත්විය යුතුව තිබුණි. ජනාධිපති කොමිෂන් වාර්තාවේ සඳහන් 2016ත්, 2019ත් අතර කාලයේ වූ නොසැලකිල්ලට ද ශානි අබේසේකරත් වගකිව යුතු විය.

    පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ වාර්තාව මට භාර දුන් පසු, එය ප්‍රසිද්ධියට පත් කිරීම මා ප්‍රතික්ෂේප කළ බව චැනල් 4 නාලිකාව කියයි. එය අමූලික බොරුවකි. එම වාර්තාව පාර්ලිමේන්තුවට පවා ඉදිරිපත් කර ඇති බව ලංකාවේ කවුරුත් දනිති.
    පසුගිය වසරේ, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට ඇතමුන් මා සම්බන්ධ කිරීමට පටන් ගත් විට, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ සඳහා එස්බීඅයි / සීඅයිඒ සහාය ලබා ගැනීමේ හැකියාව ගැන සොයා බලන ලෙස මම වොෂින්ටනයේ තානාපති මහින්ද සමරසිංහට උපදෙස් දුන්නෙමි. 2022 අප්‍රේල් 07 වැනි දින, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ත්‍රස්ත මර්දන කාර්යාංශයේ ක්‍රිස්ටෝපර් ඒ. ලෑන්ස්බර්ග් මහතා තානාපති සමරසිංහට පිළිතුරු ලිපියකින් මෙසේ දන්වා තිබුණි.

    “පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සඳහා ශ්‍රී ලංකාව කළ ඉල්ලීම අප වෙත ඉදිරිපත් කිරීම ගැන ඔබට ස්තූතියි… ප්‍රහාරයෙන් ඉක්බිතිව, සහ අද දක්වාම, එක්සත් ජනපද රජය වගකිවයුත්තන් විමර්ශනය කිරීමට සහ ඔවුන්ට නඩු පැවරීම සඳහා සහාය ලබා දී ඇත. 2021 ජනවාරි මාසයේ දී එක්සත් ජනපද පුරවැසියන්ගේ මරණ සම්බන්ධයෙන් අධිකරණ දෙපාර්තමේන්තුව අපරාධ පැමිණිල්ලක් ද ගොනු කළේය. ඒ අනුව, ඇමෙරිකා එක්සත් ජනපදය ඔබේ රජයට දිගටම සහයෝගය ලබා දීමට සුදානම්ව සිටියත්, ප්‍රහාරයන් සම්බන්ධයෙන් අතිරේක පරීක්ෂණයක් පැවැත්වීම තේරුමක් නැත… මෙම කාරණය සම්බන්ධයෙන් එක්සත් ජනපද ෆෙඩරල් විමර්ශන කාර්යාංශය ශ්‍රී ලංකාවේ නීතිය බලාත්මක කරන ආයතන සමඟ සමීපව කටයුතු කර ඇති අතර, ප්‍රහාරයෙන් පසු සතිය තුළ, නිලධාරීන් 33 දෙනෙකු ශ්‍රී ලංකාවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට සහය වීම සඳහා යෙදවූ බව මම අවධාරණය කිරීමට කැමැත්තෙමි, මේ සහයෝගීතාවයට සාක්ෂි එකතු කිරීම, සාක්ෂිකරුවන් සහ වින්දිතයන් සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වීම සහ ඩිජිටල් උපාංග පරීක්‍ෂා කිරීම යනාදිය ඇතුළත් විය.. ”

    ශ්‍රී ලංකා නීතිපතිවරයා විසින් අමතර ඉල්ලීමක් කළහොත් ඒ වන විටත් (එනම් 2022 අප්‍රේල් මාසයේ දී) කොළඹ රැඳී සිටී ඇමෙරිකා එක්සත් ජනපද පරිචෝදකයන් දෙදෙනාගේ සහය ලබා දීමට හැකි බව ද ලෑන්ස්බර්ග් මහතා තවදුරටත් එම ලිපියේ සඳහන් කර තිබුණි. මීට පෙර 2021 ජනවාරි 08 වන දින, එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණු අතර, එහි මෙසේ සඳහන් විය.

    …අයිඑස්අයිඑස් නැමැති විදේශීය ත්‍රස්තවාදී සංවිධානයට ද්‍රව්‍යමය ආධාර සැපයීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු ත්‍රස්තවාදී වැරදි සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික පුරවැසියන් තිදෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කර ඇත… ඔවුන් ‘ශ්‍රී ලංකාවේ අයිඑස්අයිඑස් ලෙස හැඳින්වූ අයිඑස්අයිඑස් ආධාරකරුවන් පිරිසක සාමාජිකයන් විය. එම කණ්ඩායම 2019 වසරේ ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුතු අතර එම ප්‍රහාරය නිසා එක්සත් ජනපද පුරවැසියන් පස් දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 268 දෙනෙකු මිය ගොස් තවත් 500 කට වැඩි පිරිසකට තුවාල සිදු විය. ප්‍රහාරයෙන් දින දෙකකට පසු, අයිඑස්අයිඑස් ත්‍රස්තවාදී කණ්ඩායම එම ප්‍රහාරයේ වගකීම භාර ගත්තේ එම ඝාතන ‘ඉස්ලාමීය රාජ්‍ය සටන්කරුවන් වෙත ආරෝපණය කරමිනි… 2020 දෙසැම්බර් 11 වැනි දා ලොස් ඇන්ජලීස් දිස්ත්‍රික් උසාවියේ දී පවරනු ලැබූ අපරාධ නඩුව, ක්‍රිස්තියානි පල්ලි සහ බටහිර ජාතිකයින් නිතර ගැවසෙන සුඛෝපභෝගී හෝටල් ඉලක්ක කරගත් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් පසුව ශ්‍රී ලංකා බලධාරීන්ට සහාය වූ එස්බීඅයි ආයතනය විසින් වසර දෙකකට ආසන්න කාලයක් තුල කරන ලද විමර්ශනයක ප්‍රතිඵලයකි. ‘

    වැනල් 4 නාලිකාවේ මෙම නවතම චිත්‍රපටය 2005 සිට පැවති රාජපක්‍ෂ පාලනයට මඩ ගැසීම අරමුණු කරගත් රාජපක්‍ෂ විරෝධී ප්‍රහාරයකි. මීට පෙර එම නාලිකාව විසින් ලංකාව ගැන විකාශනය කරන ලද චිත්‍රපට මෙන්ම මෙය ද බොරු ගොන්නකි. මා ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා ඉස්ලාමීය අන්තවාදීන් පිරිසක් මාරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කලා යැයි කීම අතිශයින් ම ජුගුප්සාජනකය. යම් යම් පුද්ගලයන් දේශපාලනික ස්ථාවරයක සිට මට එරෙහිව චෝදනා එල්ල කළත්, මම රජයේ තනතුරු දැරූ සෑම අවස්ථාවකම රෝමානු කතෝලික ප්‍රජාවට කළ හැකි සෑම සේවයක්ම පෞද්ගලිකව කර ඇත්තෙමි. යුද්ධය අවසන් වූ පසු මඩුපල්ලිය සහ මුල්ලිකුලම දේවස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමට මම උදව් කලෙමි. ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරයට අවශ්‍ය කටයුතු වලට ද මම සියලු පහසුකම් සැලසූ අතර, එම සංචාරය සංවිධානය කිරීමට එවක ආණ්ඩුව පිහිටුවා තිබූ කමිටුවේ ප්‍රධානියා ද විය. බෝලවලාන ප්‍රදේශයේ 16 වැනි බෙනඩික්ට් කතෝලික උසස් අධ්‍යාපන ආයතනය ඉදිකිරීමේ දී ද මම ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළෙමි එම කාලසීමාව තුළ කාදිනල් හිමිපාණන් සමඟ ද මම ඉතා සමීපව කටයුතු කළෙමි.”

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version