දියුණු රටවල ක්‍රමවේදයන් සැලකිල්ලට ගනිමින් මෙරට වෘත්තිය අධ්‍යාපනය සම්පූර්ණයෙන් ප්‍රතිසංවිධානය කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හංවැල්ල රාජසිංහ විද්‍යාලයේ අද (25) පැවති උත්සවයකට එක්වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .
” සීතාවක සිසු අරුණලු” දෙළොස් දහසක් සිසු දරුවන්ට අධ්‍යාපන උපකරණ කට්ටල සහ ඇඟලුම් ලබාදීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) පෙරවරුවේ පැවැත්වුණු අතර අනතුරුව පැමිණ සිටි සිසු දරු දැරියන් සමඟ ජනාධිපතිවරයා කතාබහකද නිරත වූ බව සදහන් .
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,
“මේ අධ්‍යාපන ක්‍රමය ගැන සෑහීමකට පත්වෙන්න බැහැ. උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සිසුන් සැලකුවොත් පාසලෙන් වගේම අමතර පන්තිවලින් ඉගෙනගන්නවා. එකම පාඨමාලාව ක්‍රම දෙකකින් ආණ්ඩුවයි ගෙදරයි දෙකම මුදල් වියදම් කරනවා. ඇතැම්විට උසස් පෙළ සිසුන් පාසලට එන්නෙත් නැහැ. මේක විශාල ප්‍රශ්නයක්. අඩුපාඩු හොයාගෙන අධ්‍යාපනය දියුණු කළ යුතුයි.වෘත්තිය අධ්‍යාපනය ප්‍රතිසංවිධානය කළ යුතුයි.”














































