English
සිංහල
14:56 අඟහරුවාදා, ඔක්තෝබර් 28, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    13වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ජනපති ගත් තීරණය රටේ අනාගතය වෙනුවෙන් ගත් සුබවාදී තීන්දුවක් – සුරේන් රාඝවන්.

    publisher 1 by publisher 1
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ජාතික සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන් දරන ප්‍රයත්නයේ එක් පියවරක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වන සංශෝධනය පොලිස් බලතල රහිතව බලාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කර ඇති යෝජනාව ජනප්‍රිය නොවුණත්, රටේ අනාගතය වෙනුවෙන් ගත් සුබවාදී තීරණයක් බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පැවසීය.

    එසේම අරගලයේ නිරත වූ තරුණ පිරිස් අපේක්ෂා කළ නව දේශපාලන ගමනක ආරම්භය ලබාදීමට විශාල අවදානමක් හමුවේ වුවත් මෙම තීරණය ගෙන තිබෙන බව ද ඒ මහතා සඳහන් කළේය.

    උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා මෙම අදහස් පළ කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

    එහිදී රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය,

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වන සංශෝධනය පිළිබඳ නැවත වරක් ජාතික වශයෙන් කතිකාවතක් ආරම්භ වී තිබෙනවා. හිටපු ජනාධිපතිවරුන් හත් දෙනාම අත නොගැසූ කාර්යයකට වත්මන් ජනාධිපතිතුමා හදිසියේම යොමු වුණේ ඇයි කියා ඇතැමුන් ප්‍රශ්න කරනවා. එය සාවද්‍යයි. ඉතිහාසයේ සිටි සියලුම ජනාධිපතිවරුන් මේ ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡා කළා. දැන් අප පිවිස සිටින්නේ ප්‍රශ්චාත් අරගල සමයකටයි.

    මම අරගලයේ සටන්කරුවෙක් නෙමෙයි. නමුත් අරගලයෙන් පැනනැඟුණු ස්වරය ඉතා පැහැදිලියි. තවදුරටත් පුරවැසියා හා රාජ්‍යය අතර සම්මුතිය අලුත් නොකර මේ රට පාලනය කළ නොහැකියි. ඒ බව මේ රටේ ජනතාව මෙන්ම මේ රට භාර ගන්න සිටින තරුණ ප්‍රජාව විසින් ඉතා පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා. රාජ්‍යය අලුත් කිරීමට නම්, එහි සියලුම පුරවැසි අභිලාෂ, දේශපාලන අභිලාෂ සහ සමාජ අවශ්‍යතා ඉටු කිරීම රාජ්‍යයක වගකීම වෙනවා.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අවස්ථාවේදී සිදු කරන්නේ ජනප්‍රිය වැඩක් නොවෙයි. මැතිවරණයක් ආසන්නව තිබෙන බව කවුරුත් දන්නවා. මැතිවරණයක් ආසන්න වන විට සාමාන්‍යයෙන් සිදුකරන්නේ ජනප්‍රිය තීන්දු තීරණ ගැනීමයි. එහෙමනම් එතුමා මේ අවස්ථාවේ සිදුකළ යුතුව තිබෙන්නේ පාන්, පරිප්පු, ගෑස්, විදුලිය නොමිලේ ලබාදීමයි. නැතිනම් එවැන්නක් ලබාදෙන බවට පොරොන්දු ලබාදීමයි. එසේත් නොමැති නම් ජාතිවාදය හෝ ආගම්වාදය ඇවිස්සීම සඳහා සෘජුව හෝ වක්‍රව ව්‍යාපාර ආරම්භ කරවීමයි.

    මගේ මේ කෙටි දේශපාලන කාලය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශාල අවදානමක් අරගෙන මෙවැනි කතිකාවතකට මුලපිරීම සම්බන්ධයෙන් පුදුම වෙනවා. මා දකින විදිහට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව තිබෙන ගැඹුරු විශ්වාසයක් ජනාධිපතිතුමා තුළ තිබෙනවා. ජනප්‍රිය නොවුණත්, හරි දේ කළ යුතුයි. මේ ප්‍රශ්නය ඊළඟ පරම්පරාවට භාර නොදී අපි විසඳාගත යුතුයි කියන බලාපොරොත්තුව ඇතුවයි එතුමා මේ කර්තව්‍යය ආරම්භ කළේ.

    පක්ෂ නායකයන් සහ පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් සමඟ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා විමසා සිටියා ඔබට 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවශ්‍යද කියා. එය දශක කිහිපයක් තිස්සේ ව්‍යවස්ථාවේ කොටසක් බවට පත්ව තිබෙන බවත් එහිදී පෙන්වා දුන්නා. උතුරු පළාත් සභාවට පමණක් වසරකට රුපියල් බිලියන 300ක පමණ ප්‍රතිපාදන වෙන් කරනවා. එපමණ මුදලක් වියදම් කරමින් පළාත් සභාව නඩත්තු කිරීම අර්ථවත්ව සිදුවෙනවාද කියන ප්‍රශ්නය අප ඉදිරියේ තිබෙනවා.

    ඒ වගේම දේශපාලනිකව එය පිළිගන්නේ නැති නම් පාර්ලිමේන්තුව මැදිහත්ව එය අහෝසි කළයුතු බවත් ජනාධිපතිතුමා පැහැදිලිවම ප්‍රකාශ කළා. දෙමළ දේශපාලන ප්‍රභූ පැළැන්තිය අතර ද අසමගියක් තිබෙනවා. ඔවුන් විවිධ මත දරණවා. ඇතැමුන් ෆෙඩරල්වාදයෙන් තොරව කිසිදු විසඳුමක් පිළිනොගෙන සාකච්ඡාවෙන් බැහැරව සිටිනවා. ඇතැමුන් විසඳුමක් ඉල්ලා සිටි විට ඒ වෙනුවෙන් කටයුතු නොකර සිටිනවා. ඉතින් ඔවුන්ගේ සද්භාවය ඒ ජාතියට ගැටලුවක්ව තිබෙනවා.

    එසේ නම් මේ සම්බන්ධව සංවාදිත ප්‍රජාතන්ත්‍රවාදයකට යොමුවිය යුතුයි. මේ වන විටත් යෝජනා කර ඇති ආකාරයට 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කළ යුතුයි. එය තවදුරටත් කල්දැමිය යුතු නැහැ. මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කළ අන්දමට 13+ අවශ්‍ය බව යෝජනා කරන පක්ෂ ද සිටිනවා. පළාත් සභා ඡන්දය කල්දමා මේ මොහොත වන විට වසර හතකට ආසන්න කාලයක් ගතව තිබෙනවා. එසේ නම් ඒ මැතිවරණය පැවැත්විය යුත්තේ මේ ගැටලුව නිරාකරණය කරගෙනයි.

    13 වන ව්‍යවස්ථා සංශෝධනයේ පවතින සියලු බලතල ලබා දෙනවාද කියන ප්‍රශ්නය මතුකර තිබෙනවා. පොලිස් බලතල ලබාදිය යුතුද යන්න ගැන සංවාදයක් තිබෙනවා. 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පොලිස් බලතල සඳහන්ව තිබුණත් එකිනෙකා අතර ඇති සැක සංකා හේතුවෙන් එය ක්‍රියාත්මක කර නැහැ. ඒ නිසා රාජ්‍යය සහ පුරවැසියා අතර තිබෙන අලුත් සම්මුතියේ කතිකාවතක් අද දෙමළ ජනතාවට ද අවශ්‍යව තිබෙනවා.‍

    හිටපු ආණ්ඩුකාරවරයෙක් ලෙස මම දන්නවා දෙමළ කතා කරන ජනතාවගේ 95%කගේ ප්‍රශ්නය තමයි දෛනික ජීවත් වීමේ අරගලය. පානීය ජලය, සෞඛ්‍යය, පාසල්, ප්‍රවාහනය , ආරක්ෂාව, ආර්ථිකය ගැන ප්‍රශ්න ඔවුන්ට තිබෙනවා. එය විසඳිය යුතුයි. ඒ වගේම දෙමළ නායකයන් අතරද ප්‍රශ්න තිබෙනවා. නමුත් ඔවුන් අතර තිබෙන එම විරසකය අප දේශපාලන වාසි ලබා ගැනීමට භාවිතා නොකළ යුතුයි. මෙහිදී වැදගත් වන්නේ දෙමළ ජනයාගේ හදවත් දිනා ගැනීමට කටයුතු කිරීමයි.

    Tags: ප්‍රජා පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version