ලොව ජනප්‍රිය ගායිකාවක් සහ නිළියක් වන “ රොක් ඇන්ඩ් රෝල් රැජින “ ලෙසින් ජනප්‍රියත්වයට පත් ටීනා ටර්නර් අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා වේ.
මැය මියයන විට 83 වන වියේ පසුවිය . ඇය ස්විස්ටර්ලන්තයේ සුරිචි හි පිහිටි සිය නිවසේ දී මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සදහන් කරයි.
ටීනා ටර්නර් 1939 නොවැම්බර් මස 26 වන දින ඇමෙරිකාවේ උපත ලබා පසුව ස්විස්ටර්ලන්තයේ පුරවැසිභාවය ලබා ගෙන තිබේ. 1957 වර්ෂයේ තම ගායන දිවිය ආරම්භ කළ මැය රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ රැජින ලෙස හැදින්වීය. එමෙන්ම ටීනා ගායනයට අමතරව රංගනයට සහ නර්තනයට දක්ෂ ශිල්පිනියක් ලෙස ද ලොව පුරා රසික රසිකාවියන්ගේ ආදරයට පාත්‍ර විණි.















































