දුම්රිය රියදුරන් ක්‍රියාත්මක කරන වර්ජනය තව දුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් වර්ජනය පිළිබඳව හෝ ඉල්ලීම් පිළිබඳව සාකච්ඡා කිරීමට කිසිඳු පාර්ශවයක් ආරාධනා කර නොමැති බවත් දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් එස්. ආර්. සී. එම්. සේනානායක මහතා පැවසූ බව වාර්තා වේ.
ප්‍රවාහන අමාත්‍යවරයා හෝ වෙනත් ඕනෑම කෙනෙක් සාකච්ඡා සඳහා ආරාධනා කර තිබේ නම් ලේකම්වරයා වන තමන්ට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටින බව කී ඒ මහතා වර්ජනය අවසන් කිරීමට පාලකයන්ට කිසිඳු උවමනාවක් නොමැති බව ද සදහන් කර තිබේ.














































