රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ පරකඩුව , තිරිවාන ප්‍රදේශයේ ඉවුරක තිබු විශාල කලුගලක් පාරේ කොටසකට පෙරළීමෙන් අවහිර වී තිබු මාර්ගය පැය දෙකකට ආසන්න කාලයකට පසුව යළි විවෘත කළ බව වාර්තා වේ .
අද (09) උදෑසන සිදු වූ මෙම අවහිර වීමෙන් මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා එල්ල විය.
ගල පෙරලීමත් සමග ප්‍රධාන මාර්ගය දිගේ ඇද තිබු දුරකථන රැහැන් , මාර්ගයේ කණු කඩාවැටී රැහැන්ද බිම වැටී තිබූ අතර අනතුරින් ජීවිත හානි සිදු නොවූ බව ඒ සඳහන් .
ගල පෙරලුණු පැත්තේ තිබූ කුඩා ගොඩනැගිල්ලක කොටසකට හානි සිදුව තිබූ අතර අනතුර සිදුවු අවස්ථාවේ එහි කිසිවෙක් නොසිට තිබේ .
ප්‍රදේශවාසීන් එක්ව පාරට කඩාවැටුණු ගස්වල අතු ඉවත් කර වාහන ගමනාගමනය සඳහා කටයුතු සලස්වනු ලැබීය.
මෙම ගල පෙරලුණු අවස්ථාවේ කොළඹ – රත්නපුර ප්‍රධාන මාර්‍යගේ වාහන වැඩිපුර ගමන් ගන්නා අවස්ථාවක් වුවත් මාර්ගයේ වාහන කිසිවක් ඒ අවස්ථාවේ ගමන් කර නොතිබුණි.














































