මෙරට අපරාධ කල්ලි සාමාජිකයෙකු වූ මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා හෙවත් ‘අංගොඩ ලොක්කා’ හදිසි හෘදයාබාධයකින් මියගොස් ඇති බවට වාර්තා වේ.
ඉන්දියාවේ බලාජි නගරයේ කුලී නිවසක ජීවත් වෙමින් සිටියදී 2020 ජූලි මස 03 වන දින රාත්‍රියේ හදිසියේ අසනීප වීම හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඔහු මියයාම නිසා ඔහුගේ මරණය සැක සහිත විය.
ඒ අනුව එරට ආරක්ෂක අංශ විසින් අදාළ මරණය සම්බන්ධයෙන් විමර්ශණයක් සිදුකළ අතර එම වාර්තාවට අනුව ‘අංගොඩ ලොක්කා’ මියගොස් ඇත්තේ හදිසි හෘදයාබාධයකින් බවට තහවුරු කර ඇති අතර ඒ අනුව ඔහුගේ මියයාම සම්බන්ධයෙන් පැවති නඩුව අවසන් කිරීමටද කොයිම්බතූර් අධිකරණය පියවර ගෙන තිබේ.















































