ඊයේ (13) අලුයම සීදූව , ලියනගේමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක පදිංචිව සිටි යුවළක් සහ ඔවුන්ගේ දියණිය රෙදි පටිවලින් බැඳ දමා නිවසේ තිබූ රන් භාණ්ඩ සහ දේපොළ පුද්ගලයෙකු විසින් කොල්ල කා පලා ගොස් ඇති බව වාර්තා වේ.
අදාළ යුවළගේ දියණිය ඊයේ (13) අලුයම කෑ ගැසීමත් සමඟ ඇය නිදාගෙන සිටි කාමරයට ගිය අවස්ථාවේ දී යම්කිසි පුද්ගලයෙකු විසින් ඇයගේ ගෙල සිරකරගෙන සිටින බව ඇයගේ මව දැක තිබේ . අනතුරුව පියාද දියණියගේ නිදන කාමරයට පැමිණ ඇති අතර නිදන කාමරයේ සිටි පුද්ගලයා විසින් ඔවුන් තිදෙනාම රෙදි පටිවලින් ගැට ගසා නිවසේ තිබූ රන් භාණ්ඩ සහ මුදල් කොල්ල කා පලා ගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් එම නිවසේ පදිංචිව සිටින 75 හවිරිදි වයෝවෘද්ධ කාන්තාව විසින් සීදූව පොලිසියට දැනුම් දී ඇති අතර සීදූව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරන බව සඳහන් වේ.