බණ්ඩාරදූව මායාදුන්න ප්‍රදේශයේදී වෙඩි තබාගෙන පාසල් සිසුවෙක් මිය ගොස් ඇති බවට වාර්තා වේ.
ඊයේ (21) පාසල් ගොස් නිවසට පැමිණි 15 හැවිරිදි සිසුවා සවස් කාලයේදී සිය නිවස පිටුපස ඇති මඩුවක් තුළදී බෝර 12 ගිනි අවියකින් වෙඩි තබාගෙන ඇති අතර ,බරපතළ තුවාල ලැබූ සිසුවා අම්පාර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට පොලිසිය සදහන් කර තිබේ.
සිසුවාගේ මෘත ශරීරය අම්පාර රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරදූව පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.














































