අනියම් බිරිඳගේ දියණියට පහරදුන් පොලිස් සැරයන්වරයෙකු ශ්‍රී පුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
සිය මව පොලිස් සැරයන්වරයෙකු සමග පවත්වන අනියම් සම්බන්ධතාවයට විරෝධය දැක්වූ 17 හැවිරිදි දියණිය සැරයන්වරයාට බැන වැදී ඇත.
එහිදී එම බැන වැදීමට කිපුණු සැරයන් වරයා දැරියට පහර දී තිබෙන බව පොලිසියට ප්‍රකාශ කර තිබේ.
පහරදීමෙන් තුවාල ලැබූ දැරිය ප්‍රතිකාර සදහා ශ්‍රී පුර රෝහලට ඇතුළත් කර තිබෙන අතර අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.














































