ජංගම මුර සංචාරයේ නිරත වූ සැරයන්වරයෙකුට පහරදී තුවාල සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකු කෑගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
කෑගල්ලේ යට්ටෝගොඩ ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී මෙලෙස පහර දී තිබේ.
පහර කා තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා ප්‍රතිකාර සදහා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.