තම පෙම්වතියට අමානුෂික ලෙස පහරදුන් පොලිස් කොස්තාපල්වරයෙකුගේ සේවය අත්හිටුවා ඇති බව වාර්තා වේ.
කිලිනොච්චිය පොලිසියට අනුයුක්තව සේවය කළ මෙම නිලධාරියා තම පෙම්වතියට බිම පෙරළා ගෙන පහර දී ඇති අතර බරපතළ තුවාල ලැබූ තරුණිය තණමල්විල රෝහලට ඇතුළත් කර ඇති බව සදහන්.
මෙම තරුණිය තණමල්විල රණව ප්‍රදේශයේ පදිංචිකාරියකි.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලිසිය අදාළ නිලධාරියාට එරෙහිව නීති මගින් කටයුතු කිරීම ආරම්භ කර තිබේ.