විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ පරිගණක පද්ධතියේ හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එම අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ ත්‍රිකුණාමලය , යාපනය , මහනුවර , මාතර , කුරුණෑගල යන ප්‍රාදේශීය කාර්‍යාල හරහා සිඳු කරනු ලබන ලේඛන සහතික කිරීමේ සේවා නැවත දැනුම් දෙන තුරු සීමා කර ඇති බව වාර්තා වේ.
මෙම පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් , අත්‍යාවශ්‍ය ලේඛන පමණක් මේ වන විය කොන්සියුලර් අංශය විසින් සකස් කරන බවත් , මෙම පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමෙන් පසු අනෙකුත් ලේඛන සකස් කරන බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර තිබේ.
මේ හේතුවෙන් මහජනතාව අපහසුතාවයට පත් වී ඇති හෙයින් ඒ පිළිබඳව කනගාටුව පළ කරන බවත් , මහජනතාවට තම සේවා ලබා ගැනීමේ හැකියාව පිළිබඳ විමසීම සඳහා දුරකථන අංක කිහිපයක් ද ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්. එම දුරකථන අංක පහතින්,
කොන්සියුලර් කටයුතු අංශය කොළඹ – 011 233 8812
ප්‍රාදේශීය කාර්‍යාලය ත්‍ර්කුණාමලය – 026 222 3182 / 86
ප්‍රාදේශීය කාර්‍යාලය යාපනය – 0212 21 5972
ප්‍රාදේශීය කාර්‍යාලය මහනුවර – 081 238 4410
ප්‍රාදේශීය කාර්‍යාලය මාතර – 041 22 6713 / 041 22 6697
ප්‍රාදේශීය කාර්‍යාලය කුරුණෑගල – 037 22 5931














































