යාපනය ප්‍රදේශයේ තරුණයින් පිරිසක් රාත්‍රියේ මත්පැන් පානය කර පසුව සිගරට් ලබා ගැනීම සඳහා වෙළඳසැලක් විවෘත කරවා ගැනීමට උත්සාහ දරා ඇති අතර එය අසාර්ථක වීම හේතුවෙන් වෙළඳසැල් හිමියාට කඩුවකින් පහර දී තුවාල සිදු කොට එම වෙළඳසැලේ තිබූ සිගරට් පැහරගෙන ගිය බව වාර්තා වේ.
මෙලෙස පහර කෑමට ලක් වූ පුද්ගලයා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් තරුණයින් තිදෙනෙකු සහ ඔවුන් පැමිණි යතුරු පැදිය , පහර දීමට භාවිතා කළ කඩුව අත්අඩංගුවට ගෙන තිබේ.
එමෙන්ම සිද්ධියට සම්බන්ධ තවත් තරුණයින් තිදෙනෙකු සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මක කර ඇති බවත් , එම තරුණයින් තිදෙනා මේ වන විට පළාතෙන් පලා ගොස් ඇති බවත් සඳහන්.














































