දුම්රියක් පැමිණෙන තෙක් රත්මලාන දුම්රිය ස්ථානයේ පුටුවක වාඩි වී සිටිය දී නින්ද ගිය උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ ගමන් බෑගයේ තිබූ නවීන පන්නයේ ජංගම දුරකථයක් , ගෙල පැළඳ සිටි පවුම් හයක් බර සුරය සහිත රන් මාලයක් , රත්තරන් මුද්දක් , රුපියල් 2000 ක් සහිත පසුම්බියක් කොල්ල කා ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ උප පොලිස් පරීක්ෂකවරයා විසින් ගල්කිස්ස මූලස්ථානයට පැමිණිලි කර ඇති අතර මේවා සොරාගත් සැකකරු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ලැබී නොමැති බව සඳහන් වේ.
අදාළ පොලිස් නිලධාරියා උප පොලිස් පරීක්ෂකවරයෙකු වශයෙන් පොලිස් මූලස්ථානයේ පරීක්ෂණ හා සංවර්ධන කොට්ඨාසයේ රාජකාරී කරන අයෙකි.














































