මාස 06ක බිළිඳෙකු සහ අවුරුදු 06 ක දරුවෙකු අම්බලන්ගොඩ නගරය මධ්‍යයේ මහමඟ දමා ගොස් සිටිය දී ත්‍රී රෝද රථ රියදුරෙකු විසින් එම දරුවන් දෙදෙනා පොලිස් ස්ථානය වෙත භාර දුන් බව වාර්තා වේ.
මාස 06 ක් වයසැති බිළිඳා මේ වන විට බලපිටිය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර අනෙක් දරුවා තවමත් අම්බලන්ගොඩ පොලිස් භාරයේ පසුවන බව සඳහන්.
මෙම දරුවන් දෙදෙනාගේ මව කවුරුන්ද යන්න මේ වන විට හදුනාගෙන ඇති බව වාර්තා වේ.














































