English
සිංහල
09:50 සෙනසුරාදා, සැප්තැම්බර් 20, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    සොරගුණේ කුඩා කතරගම දේවාලය 70 වසරක පවුල් පාලනයෙන් මිදේ.

    publisher 1 by publisher 1
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    *තරුණ තරුණියන් නොනගතයට දේවාලය ශුද්ධ කරයි.
    *නින්දගම්වාසී ජනතාව අතර නැවුම් පිබිදීමක්.
    *වැඩබලන බස්නායකවරයා පත් කිරීමට විරෝධය .
    *වැඩබාරගන්නා දිනයේ මොහොට්ටාල මග හරී.
    *දේවාලයේ බොහෝ ස්ථාන විනාශ මුඛයේ.

    ඓතිහාසික සොරගුණේ කුඩා කතරගම දේවාලය තුළ අවුරුදු 70ක් පුරා තට්ටු මාරු ක්‍රමයට එකම පවුලක උදවිය විසින් පාලනය ගෙන ගොස් තිබේ.එම දීර්ඝ පාලන ක්‍රමය බිද වැටුණේ නින්දගමට අයත් ඉඩකඩම්, දේපල වංචනික හා දූෂිත ආකාරයෙන් උකස් කිරීම හේතු කොටගෙනය.

    එම වංචා,දූෂණ සෘජුවම එල්ල වන්නේ වර්තමානය වන විට පාලනය ගෙන යමින් සිටින ජනක රවීන්ද්‍ර කළුපහන නැමැති බස්නායක නිලමේවරයාටය. වර්තමාන බස්නායක නිලමේවරයාට පෙර ඔහුගේ පියාත් ,පියාගේ පියාත් ලෙස වසර 70ක් පුරා බස්නායකවරුන් ලෙස කටයුතු කළ අතර මෙය ඔවුන්ගේ රැකියාව වූ බවත් මෙම පාලනය නිසා නින්දගමේ ජනතාවට දැඩි පීඩනයක් එල්ල වූ බවද වාර්තා වේ.

    කෙසේ නමුත් දේවාලයේ ප්‍රධාන කපු මහතා ඇතුළු එම පාලක මණ්ඩලයේ බොහෝ දෙනෙකු දූෂණ චෝදනා මත ඉවත් කරනු ලැබූ බස්නායක නිලමේවරයා වූ ජනක රවීන්ද්‍ර කළුපහනට දැඩි ලෙන්ගතුකමක් පවතින උදවියක් බවට අපගේ කණ්ඩායම් අනාවරණය කරගෙන තිබුණි.

    රාවණා ලංකා මාධ්‍ය කණ්ඩායම මීට වසරකට පමණ පෙර මෙම ප්‍රදේශයේ සංචාරය කරමින් මෙම නින්දගම් ජනතාවගේ සියලු ප්‍රශ්න සොයා ගැනීමට දැඩි වෙහෙසක් ගත් අතර එම ජනතාවගේ ප්‍රශ්න සෙවීමේදී ද කළුපහන බස්නායක ඇතුළු පාලක මණ්ඩලයේ කිහිප දෙනෙකුගේ බලපෑම් අප කණ්ඩායමට එල්ල වී තිබුණි.එම බලපෑම් පිළිබඳව පහත විඩියෝව මගින් නරඹන්න.

    එසේ බලපෑම් එල්ල වීමේදී නින්දගමේ ජනයා අප සමග එකාවන්ව පෙළ ගැසීම විශේෂත්වයකි.

    කෙසේ නමුත් පසුගියදා දූෂණ වංචා හේතුවෙන් කළුපහන බස්නායක නිලමේවරයා එම තනතුරෙන් නෙරපා හැරීමෙන් පසු බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ පරීක්ෂණයටද ඔහු මුහුණ නොදී පළාගොස් තිබුණි. පසුව අභියාචනාධිකරණය වෙත ගොස් තාවකාලික රිට් ආඥවක් මත වැඩ බාර ගත්තත් ඔහුගේ ධූර කාලය අවසන් වීම නිසා වෙනත් නිලමේවරයෙකුට තාවකාලිකව පත්වීම ලබා දුන්නේය.

    නිල කාලය අවසන් වූ පසු ඉදිරි නිලවරණයක් පැවැත්වීම දක්වා මාස 03 ක කාලය වැඩ බලන බස්නායක නිලමේවරයෙක් පත් කිරීම සාම්ප්‍රදායට අනුව සිදුව තිබේ.පසුගිය වසර 70 තුළම නිල කාලය අවසන් වූ පසු තාවකාලිකව වැඩ බලන බස්නායක නිලමේවරයා ලෙස පත් කර සිටින්නේ මෙම පවුලේම සාමාජිකයන්ය.

    පසුගිය නිලවරණ කාලය තුළද වැඩබලන නිලමේවරයා ලෙස කටයුතු කර සිටින්නේ මෙම බස්නායක නිලමේවරයාමය.මේ වන විට ඔවුන්ගේ බලය සම්පූර්ණයෙන්ම ගිලිහී ගොස් තාවකාලිකව වැඩ බලන බස්නායකවරයා ලෙස මීට පෙර පත් කර තිබූ චරිත නුගවෙල නැමැති අය නැවත පත්කර තිබේ.

    කළුපහන බස්නායකවරයාගේ වැඩ තහනමත් සමග ඔහුගේ පරීක්ෂණ කටයුතු නිමාවන තෙක් වැඩබලන නිලමේවරයා වශයෙන් චරිත නුගවෙල යන අය තාවකාලිකව මෙම තනතුර සදහා පත්කර තිබේ.මොහු දේවාලය බාර ගන්නා අවස්ථාව වන විට දේවාලය දැඩි ලෙස අබලන්ව තිබී ඇත.

    බස්නායක නිලමේවරයා වූ කළුපහන යටතේ තිබූ පරිපාලනය සම්පූර්ණයෙන්ම වෙනස් වී වෙනත් පුද්ගලයෙකුගේ පරිපාලනයක් මෙහි ඇති විය.මේ අනුව අලුත් නායකත්වයක් යටතේ නොනගතය වේලාවේ සොරගුණ නින්ද ගමේ තරුණ තරුණියන් එක්ව දේවාල භූමිය ශුද්ධ පවිත්‍ර කර තිබේ.

    චරිත නුගවෙල තාවකාලිකව රාජකාරි බාර ගන්නා අවස්ථාවේද රාජකාරි තනතුරේ මොහොට්ටාල් නැමැත්තා එදින පැමිණීම ප්‍රතික්ෂේප කර තිබුණි.

    එසේම සමහර කපු මහත්වරුන්ද පඩිය පමණක් ගෙන රාජකාරි කටයුතු සිදු කර නොතිබේ. තාවකාලික තනතුරු සදහා මේ චරිත නුගවෙල මහතා පත් කිරීම පිළිබඳව දැඩි විරෝධයක් පැවති බවට පසුගියදා එම ප්‍රදේශයේ සංචාරය කළ අප මාධ්‍යවේදීන්ට අනාවරණය වී තිබුණි.

    එහිදී කළුපහන නැමැති පුද්ගලයා හා දැඩි කුළුපග බවක් මෙම කපු මහත්තුරු අතර තිබෙන බවද ඔවුන්ට වාර්තා වී තිබුණි.කෙසේ නමුත් නින්දගම්වාසි ජනතාවගෙන් මෙලෙස අප්‍රසාදයක් හිමිවන්නේ ඔවුන්ගේ වංචා,දූෂණ ,අක්‍රමිකතා නිසාය.

    එසේම පවුල් පාලනය තුළට ගැතිකමක් දක්වන කපු මහත්තුරු ,මොහොට්ටාල් සහ ලේකම්වරුද නව පාලනයට අකමැති වී තිබේ.මෙම පාලකයන් බොහෝ දෙනෙකු ඔහුගේ වංචා ,දූෂණ අක්‍රමිකතා වලට කැමති බවක්ද පෙන්නුම් කරයි.නව පත්වීමට එරෙහි වීම තුළින්ද එකී සාධකය ඉස්මතු වේ.

    එසේම කළුපහන නැමැති හිටපු බස්නායක නිලමේවරයා පසුගියදා අප මාධ්‍යවේදීන්ටද බලපෑම් එල්ල කර තිබුණි.එමෙන්ම කළුපහන බස්නායකවරයා යනු රටේ නීතියට හෝ කිසිදු පුද්ගලයකුට ගරු නොකරන පුද්ගලයෙකු බවට අපගේ වීඩියෝ දර්ශනවලින් අනාවරණය වේ.

    එසේම කළුපහනගේ පාලන කාලය නිමාවීමත් සමග එම තනතුර සදහා විශ්‍රාමික ග්‍රාම සේවකයෙකු ඉදිරිපත් වීමට කටයුතු යොදා තිබෙන බවට වාර්තා වේ.එම ග්‍රාම සේවකවරයා සහ කළුපහන යන බස්නායකවරයාද එකතුව මෙම නින්දගමේ ඉඩම් වංචනික ලෙස විකුණා දමා ඇති බවට නින්දගම් ජනතාව විසින් ප්‍රකාශ කරයි .

    එසේම ඊලග නිලවරණය සදහා පිරිසිදු බස්නායකවරයෙකු පත් කර ගැනීම බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ යුතුකම හා වගකීම වේ.එසේම බදුල්ලේ ප්‍රාදේශීය ලේකම්වරු මීට පෙර නිලවරණවලදී ලක්ෂ ගණන් අල්ලස් ලබා ගෙන තිබේ.එසේම බදුල්ලේ ප්‍රාදේශීය ලේකම්වරු අල්ලස් ලබා ගත් බව කියවෙන ඔවුන්ගේ කටහඩ සහිත රෙකෝඩින් ගණනාවක් අප සතුව පවතී.එබැවින් බදුල්ලේ ප්‍රාදේශීය ලේකම්වරු දැන්වත් කළ යුත්තේ මෙම නින්දගම් වාසින්ට සහනය ලබා දීම වෙනුවෙන් ඉතාමත් හොද නීතිගරුක,විනයගරුක බස්නායක නිලමේවරයෙකු පත් කර ගැනීමයි.

    එසේම පසුගිය කාලය තුළ බදුලු පත්තිනි දේවාලය තුළ සිදු කරන ලද නිලවරණයේ දී අල්ලස් ගත් ආකාරය පිළිබඳව හඩපට සමාජයට මුදා හැරීමට අප තවමත් කටයුතු කර නොමැත.

    එබැවින් අල්ලස,දූෂණය ,වංචාව පිටු දැකීමට නම් නින්දගම්වාසී ජනතාව වෙනුවෙන් බදුලු දිස්ත්‍රික් ජනතාව නියෝජනය කරමින් ලබා දෙන ඡන්දය අල්ලසට,මුදලට,වංචාවට නොව පිරිසිදු දෑතින් නව දේවාලයක්,නව නින්දගමක් ජනතාවගේ සතුට වෙනුවෙන් ලබා දීමට බදුල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ වගකීම ,යුතුකම හා රාජකාරිය බව අමතක නොකළ යුතුය.

    එසේම අපට වාර්තා වන ආකාරයට මේ වන විටත් සොරගුණේ කුඩා කතරගම දේවාලයේ හිටපු විශ්‍රාමික ග්‍රාම සේවක මෙම දේවාලයේ බස්නායක නිලමේවරයා වශයෙන් පත් කිරීම සදහා කෝටි තුනකට අධික මුදලක් වෙන් කර තිබෙන බවද අපට වාර්තා වී තිබේ.

    මේ අනුව අපට දැනටමත් සටහන් කර තැබීමට සිදුවන්නේ ප්‍රාදේශීය ලේකම්වරුන්ට අල්ලස් දීම සදහා අවශ්‍ය කටයුතු සිදු වී අවසන් බවයි.එම පුද්ගලයා නිලවරණයට ඉදිරිපත් වී ඔහු ජය්‍රහණය ලැබුවහොත් අපේ අද ලියවිල්ල මේ ආකාරයෙන් ම ඉදිරියටත් පවතිනු ඇත.මක් නිසාද යත් අල්ලස් ලබා ගැනීමට පෙර අප අල්ලස් මුදලත් සමගම මේ වන විටත් මෙම වෙබ් අඩවිය තුළ සටහන් කර තිබෙන බැවිනි.කෝටි තුනක් ලබාගෙන සොරගුණේ නින්දගමේ ජනතාවට තවදුරටත් පීඩාවන්ට ලක් කරන්නේද? එයින් සිදුවන පාපය තවදුරටත් ප්‍රාදේශීය ලේකම්වරුන් මැරෙණකොට ගෙන යන්නේද තම දරුවන්ට ,බිරින්දෑවරුන්ට ලෙඩ රෝගවලට මෙම මුදල් මූලික වන බවද එය වටහා ගන්නේද යන යථාර්ථයන් තුළ ජීවත්වීමට බදුල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම්වරුන්ට සිදුවේ.

    එබැවින් දෙවියන් සමග ගණුදෙනු කිරීම මරණයෙන් මතු අනාගතයටත් මරණ මංචකයේදීත් ඊට පෙරත් තමන්ට දැඩි දඩුවම් ලැබෙන වරදක් බවත් මතක තබාගෙන දෙවියන්ගේ නියෝජිතයා ලෙස පිරිසිදු බස්නායක නිලමේවරයෙක් පිරිසිදු දෑතින් අල්ලසට,වංචාවට,දූෂණයට පයින් ගසා පත් කරනු ඇතැයි රාවණා ලංකා අප තවදුරටත් මේ පිළිබඳව බලාපොරොත්තු දල්වා බලා සිටින්නේ මේ පිළිබඳව ජනගත කිරීම සදහා අවශ්‍ය කටයුතු වලට මුල් කටයුතු සියල්ල සිදු කළේ අප ආයතනය හා බද්ධව තිබෙන සංවිධානය බැවිනි.

    අපගේ අනාවරණයන් සමගම, ලන්කාදීප, සිලුමින ඇතුලු ජාතික පුවත්පත් ගන්නවක් මෙම නින්දගම් වාසීන් සමග එක් විය. ඒ මේ වෙනුවෙන් පෙනී සිටි සියලු මාද්‍ය ආයතන සහ මාද්‍යවේදින්ගේ සාමුහික එකමුතුකම තුලින් නින්දගම් ජනතාවට යම් සහනයක් ලැබී තිබේ.

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version