එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 54 වැනි සැසිවාරය අද (11) ජිනීවා නුවරදී ආරම්භ වීමට නියමිත බව වාර්තා වේ.
එහිදී නිදහස ජනතා සභාව නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපාබණ්ඩාර මහතා අද දින එරට වේලාවෙන් පස්වරු 12ත් 01ත් අතර කාලය තුලදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇමතීමට නියමිතව ඇති බව සදහන්.
එහිදී රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උද්ගතව ඇති ගැටළුකාරී තත්ත්වය , ඖෂධවල ප්‍රමිතිය තක්සේරු කිරීමට නිසි යාන්ත්‍රණයක් නොමැති වීම, ඖෂධ හිඟය, අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ හිඟය, ජාතික ඖෂධ නියාමන අධිකාරිය පසෙකට දමා නිසි ටෙන්ඩර් පටිපාටිය නොසලකා හරිමින් කටුයුතු කරමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුකෙරෙන දූෂිත ගණුදෙනු සම්බන්ධයෙන්ද ඔහු සමුළුවේ අවධානයට යොමු කිරීමට නියමිතය.














































