රජය විසින් ක්‍රියාත්මක නව බදු සංශෝධනය ,විදුලි ගාස්තු ඉහල දැමීම ආදී කාරණා රැසක් මුල් කරගනිමින් දීප ව්‍යාප්ත වැඩ වර්ජනය අද (15) මේ වන විටත් ආරම්භ කර ඇති බවට වාර්තා වේ.
මේ වන විට දිවයිනේ සෑම රජයේ රෝහලකම වැඩ වර්ජනය ක්‍රියාත්මක බවත් දිවයිනේ සියලුම පාසල්වල මෙන්ම වරාය සේවකයන්ද වැඩ වර්ජනයේ නිරත වන බවට වාර්තා වේ.
දුමිරිය වැඩ වර්ජනය පැවතියද ගාල්ල සිට අද පෙරවරුවේ කාර්යාල දුම්රියක් පමණක් කොළඹ කොටුව දක්වා ගමන් ආරම්භ කර තිබූ අතර දුම්රියේ ආරක්ෂාව සදහා යුද හමුදාව සහ පොලිස් නිලධාරින් යොදවා තිබූ බවට වාර්තා වේ.













































