පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහි වූ යාපනයේ ජනප්‍රිය පාසලක සිසුවෙකු එම ක්‍රීඩාවේ සදහන් ආකාරයට තට්ටු ගොඩනැගිල්ලකින් පැන සිය දිවි හානි කර ගැනීමට තැත් කර ඇති බවට වාර්තා වේ.
ඒ අද (14) උදෑසන කාලයේදී තට්ටු ගොඩනැගිල්ලේ අසාමාන්‍ය ලෙස ගමන් කරමින් සිටින සිසුවා පිළිබඳව ගුරුවරුන් හා සිසුන් අවධානයෙන් සිටිද්දීම සිසුවා එක්වරම තට්ටු ගොඩනැගිල්ලෙන් පැන ඇති අතර විදුලිය සපයා නැති රැහැන් පද්ධතියක පැටලී බිම වැටීමට යම් කාලයක් ගත වූ නිසා ගුරුවරුන්ට හා සිසුන්ට සුළු තුවාල ලැබූ සිසුවා බේරා ගැනීමට හැකි වූ බවට වාර්තා වේ.
පසුව සිසුවා ගිලන් රථයක් මාර්ගයෙන් රෝහල්ගත කිරීමට හැකි වූ අතර සිසුවාගේ පොත් බෑගය තුල තිබී හමුවූ ලිපියේ සදහන් තොරතුරුවලට අනුව පරිගණක ක්‍රීඩාවේ නිරත වන පිරිස ලබා දෙන අභියෝගයක් භාර ගත යුතු අතර ඔහුද එම අභියෝගය භාර ගනිමින් පාසලේ තට්ටු ගොඩනැගිල්ලෙන් බිමට පැනීමට තීරණය කර ඇති බවට වාර්තා වන අතර මේ අනුව වැඩිදුර පරීක්ෂණ යාපනය පොලිසිය විසින් සිදු කරනු ලබයි.
















































