ත්‍රිකුණාමලය පොලිසියේ සිර මැදිරිය තුළ පුද්ගලයෙකු ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ.
මුදල් සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු ඔහුගේ කමිසය උපයෝගී කරගෙන සිර මැදිරියේ වැසිකිළිය තුළ ගෙල වැළලාගෙන ඇති බව සදහන්.
මෙලෙස සියදිවි හානිකර ගත් පුද්ගලයා 26 හැවිරිදි මුරුගාපූරි,ජමාලියා ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මේ සම්බන්ධව වැඩිදුර විමර්ශණ කටයුතු ත්‍රිකුණාමල පොලිසිය විසින් සිදුකරනු ලබයි.