English
සිංහල
03:19 බ්‍රහස්පතින්දා, ඔක්තෝබර් 23, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    මුළු භූමි ප්‍රමාණයෙන් 1%ක් කර්මාන්ත සඳහා වෙන් කිරීම ඉලක්කයයි.

    publisher 1 by publisher 1
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp
    • ඩොලර් බිලියන 13.1ක් ලෙස ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම 2022 වසරේ ලබා ගත්තා – කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ.

    ශ්‍රී ලංකාවේ කර්මාන්ත සඳහා වෙන් කර ඇති ඉඩම් ප්‍රමාණය ඉතා සීමිත බැවින් රටේ මුළු භූමි ප්‍රමාණයෙන් 1%ක් කර්මාන්ත සඳහා වෙන් කිරීම රජයේ ඉලක්කය බව කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

    ආනයන සීමා කිරීම් ක්‍රියාත්මක වූ වකවානුව තුළ ජාතික නිෂ්පාදනය ඉහළ නැංවීමට මෙන්ම අපනයනය ඉහළ නැංවීමට ද මෙරට ව්‍යවසායකයින් ඉහළ මට්ටමේ දායකත්වයක් ලබාදුන් බවත් ඒ අනුව 2022 වර්ෂය අවසන් වන විට මෙරට ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම ලෙස ඩොලර් බිලියන 13.1ක් උපයා ගැනීමට හැකි වූ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (27) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය,

    පසුගිය කොවිඩ් සහ ආර්ථික අර්බුදකාරී තත්ත්වයන් තුළ කුඩා, මධ්‍යම හා මහා පරිමාණ ව්‍යවසායකයින් ඇතුළු සියලු දෙනාම අප රටේ නිෂ්පාදනය ඉහළ නැංවීමට කැපවීමෙන් කටයුතු කළා. ඒ පිළිබඳව අප ඔවුන්ට අපේ කෘතඥතාව පළ කළ යුතුයි.

    විශේෂයෙන්ම අපේ රටේ ආනයන සීමා කිරීම් ක්‍රියාත්මක වූ වකවානුව තුළ ජාතික නිෂ්පාදනය ඉහළ නැංවීමට මෙන්ම අපනයනය ඉහළ නැංවීමට ද මෙරට ව්‍යවසායකයින් ඉහළ දායකත්වයක් ලබා දී තිබෙනවා. ඒ හේතුවෙන් 2022 වසර අවසාන වන විට ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම ලෙස ඩොලර් බිලියන 13.1ක් උපයා ගැනීමට හැකිවුණා.

    ඒවගේම ශ්‍රී ලංකාවේ කර්මාන්ත සඳහා වෙන් කර ඇති ඉඩම් ප්‍රමාණය ඉතා සීමිතයි. මේ නිසා අපේ රටේ කර්මාන්ත ප්‍රමාණවත් ලෙස දියුණු වී නැහැ. ඒ නිසා මෙම ඉඩම් ප්‍රමාණය වැඩි කිරීමට අප මේ වනවිට පියවර ගනිමින් සිටිනවා. අපේ ඉලක්කය වී තිබෙන්නේ රටේ මුළු භූමි ප්‍රමාණයෙන් 1%ක් කර්මාන්ත සඳහා වෙන් කිරීමටයි.

    මේ වන විටත් ශ්‍රී ලංකාවේ කර්මාන්ත සංවර්ධනය සඳහා වන ජාතික ප්‍රතිපත්තිය (NAPID) සකස් කර අමාත්‍ය මණ්ඩල සඳහා ඉදිරිපත් කර තිබෙනවා. එය ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්ති රාමුවට (2023-2048) ඇතුලත් කිරීමට ආර්ථික ස්ථායීකරණය පුනර්ජීවන සහ වර්ධනය ඉහළ නැංවීම පිළිබඳ කමිටුව තීරණය කර තිබෙනවා.

    කර්මාන්ත ප්‍රතිපත්තියට අදාළ පස් අවුරුදු උපාය මාර්ගික සැලැස්ම ද සකස් කර අවසන්. එය ක්‍රියාත්මක කිරීමේ කටයුතු අමාත්‍යාංශය විසින් දැනටමත් ආරම්භ කර තිබෙනවා.

    1990 අංක 46 දරණ කර්මාන්ත ප්‍රවර්ධන පනත වත්මන් හා අනාගත අවශ්‍යතාවයන්ට ගැලපෙන අයුරින් සංශෝධනය කිරීමේ කටයුතු ද මේ වන විට අවසන් කර තිබෙනවා. එහි මුලික කෙටුම්පත සඳහා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නිර්දේශ ලබා දී තිබෙනවා.
    මෝටර් රථ නිෂ්පාදනය – එකලස් කිරීම සහ මෝටර් රථ උපාංග නිෂ්පාදනයට අදාළ ජාතික ප්‍රතිපත්තිය සැකසීමට අදාළ 2 වන කෙටුම්පත ද මේ වන විට සකසා අවසන් කර තිබෙනවා. ඒ වගේම එම කෙටුම්පත අදාළ පාර්ශවකරුවන්ට ඉදිරිපත් කර ඔවුන් සමඟ ද සාකච්ඡා කර අවසන්. ඒ අනුව වාහන එකලස් කිරීමට අදාළ ජාතික ප්‍රතිපත්තිය කඩිනමින් අවසන් කිරීමට නියමිතයි.

    විද්‍යුත් වාහන සඳහා මාර්ගෝපදේශ (E-Vehicle Guideline) පිළිබඳව පළමුවන කෙටුම්පතෙහි කරුණු පිළිබඳව අධ්‍යනය කිරීම සඳහා පත්කරන ලද කමිටුව මඟින් ඔවුන්ගේ යෝජනා ඇතුළත් වාර්තා ලබා දී තිබෙනවා. එම වාර්තා සැලකිල්ලට ගනිමින් සංශෝධිත මාර්ගෝපදේශ සැකසීම ආරම්භ කර ඇති අතර එය කඩිනමින් අවසන් කිරීමට අපේක්ෂා කරනවා. තවද මෝටර් රථ එකලස් කිරීම සහ මෝටර් රථ උපාංග නිෂ්පාදනයට අදාළ නව ආයතන 15ක් සඳහා 2023 වසරේදී අනුමැතිය ලබා දී තිබෙනවා.

    ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් කර්මාන්ත කලාප/කර්මාන්තපුර ස්ථාපනය කිරීමේ විශේෂ ජාතික වැඩසටහන යටතේ ප්‍රාදේශීය මට්ටමින් ඉඩම් හඳුනාගත්, කඩිනමින් නිම කළ හැකි කර්මාන්තපුරවල මූලික සංවර්ධන කටයුතු සිදු කරමින් පවතිනවා. මේ යටතේ දැනටමත් තිබෙන කර්මාන්තපුර 32 ක සහ නව කර්මාන්තපුර 6ක (අලුතපොල, දඹුල්ල, සඳමල්ගම, සූරියවැව, මහව සහ වැල්ලවාය) සංවර්ධන කටයුතු ක්‍රියාත්මකයි. විද්‍යුත් වාහන එකලස් කිරීම හා උපාංග නිෂ්පාදනයට අවශ්‍ය පහසුකම් සහිත කර්මාන්තපුරයක් කටුනායක කටාන ප්‍රදේශයේ අක්කර 100 ක භූමි ප්‍රමාණයක ස්ථාපිත කිරීමට ද කටයුතු ආරම්භ කර තිබෙනවා.

    ඒ වගේම අප දැනටමත් නව කර්මාන්ත පුර 03 ක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, මහනුවර දිස්ත්‍රික්කයේ පොත්තපිටිය වශයෙන්.

    ලංකා ඛණිජ වැලි සමාගමේ ඛණිජ වැලි විකිණීම සඳහා නව විකුණුම් ක්‍රමවේදයක් හඳුන්වා දීමත් සමඟ ලංසුකරුවන්ට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ තම මිල ගණන් ඉදිරිපත් කිරීමට හැකියාව පවතිනවා. මිල ගණන් විවෘත කරන අවස්ථාවේදීම සුදුසුම ලංසුකරු පිළිබඳ තොරතුරු ප්‍රකාශයට පත් කිරීමට හැකියාව තිබෙනවා. එම ක්‍රමවේදය භාවිතා කර ප්‍රථම අලෙවිය සිදු කරන ලද අතර එමඟින් ඛනිජ වැලි මෙට්‍රික් ටොන් 62,150 ක් සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 20.33 ක් ලබා ගැනීමට හැකි වුණා.

    දෙවන අලෙවිය මඟින් සර්කෝන් මෙට්‍රික් ටොන් 30,000 ක් වෙනුවෙන් ඇමරිකන් ඩොලර් මිලියන 14.1ක ආදායමක් ලබා ගැනීමට හැකිවුණා. එමඟින් ලැබූ ආදායමෙන් රුපියල් මිලියන 1726 ක මුදලක් ලාභාංශ ලෙස භාණ්ඩාගාරයට ලබා දීමට ද අප කටයුතු කලා.

    Tags: ප්‍රජා පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version