අනුරාධපුර ,කරුක්කංකුලම විජයබා විදුහලේ විභාග නිරීක්ෂණ රාජකාරියේ නිරත ගුරුවරයෙකු තම උපකාරක පංතියට සහභාගි වන සිසුන් පිරිසකට පිළිතුරු ලිවීම සදහා ආධාර උපකාර කිරීම හේතුවෙන් විභාග නිරීක්ෂණ රාජකාරියෙන් ඉවත් කළ බවට වාර්තා වේ.
දෙමාපියන් අධ්‍යාපන බලධාරින්ට සිදු කළ පැමිණිල්ලක් මත මෙම ගුරුවරයා විභාග රාජකාරිවලින් ඉවත් කළ බවට උතුරු මැද විභාග අධ්‍යක්ෂ එස් .ආර්.ප්‍රියංකර මහතා ප්‍රකාශ කළ බව සදහන්.














































