පදික මාරුවේ ගමන් කරමින් සිටි ගැබිණියක්ව බීමතින් රිය පදවා අනතුරට ලක් කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ත්‍රීරෝද රථ රියදුරෙකු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (01) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (03) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙන බව වාර්තා වේ .
අනතුරින් බරපතළ තුවාල ලැබූ ගැබිණිය මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්.
වාර්තා වන ආකාරයට මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ පුත්තලම මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සේවයේ නිරතව සිටි හෙදියකි.
ඇය රාජකාරිය සඳහා නිවසේ සිට රෝහලට පැමිණෙමින් සිටියදී පසුගිය 30 වන දා පුත්තලම නගරයේදී මෙම අනතුරට ලක් වී තිබේ. ඇය පස්මස ගැබිණියක් වන අතර ශරීරය අභ්‍යන්තරයෙන් රුධිරය වහනය වීම බරපතළ තත්ත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර තිබේ.