ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ පළමු තරගය අද (17) දඹුල්ල අවුරා කණ්ඩායම සහ ගෝල් ටයිටන්ස් කණ්ඩායම අතර තව සුළු මොහොතකින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබේ .
එම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට දඹුල්ල අවුරා කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් සමත් වූ බව වාර්තා වේ .
ඒ අනුව ඔහු තීරණය කර ඇත්තේ පළමුව පන්දු රැකීමටයි.
මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ලංකා ප්‍රිමියර් ලීග් අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි.













































