අද (21) ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග දෙකක් පැවැත්වෙන අතර අයර්ලන්තය සහ ස්කොට්ලන්තය අතර පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය ස්කොට්ලන්තය දිනා ගත් බව වාර්තා වේ.
ඒ අනුව ඔවුන් ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළ බව සඳහන්.
එමෙන්ම ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය ඕමානය දිනා ගත් අතර ඔවුන්ද ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළ බව වාර්තා වේ.
මෙම තරග දෙක සිම්බාබ්වේ බුලවායෝ හිදි පැවැත්වෙන බව සඳහන්.













































