තුර්කීයේ අෆ්සින් ප්‍රදේශයේ රිච්ටර් මාපක 4.0 ක ප්‍රබලත්වයෙන් භූකම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එය අෆ්සින් ප්‍රදේශයේ කිලෝමීටර් 10 ක පමණ ගැඹුරකින් හට ගෙන ඇති අතර ඇතැම් ජනතාව නිවෙස් අතහැර ආරක්ෂිත ස්ථාන වෙත යොමු වී ඇති බව සදහන්.
මෙයින් සිදු වූ දේපළ හානි හෝ ජීවිත හානි සම්බන්ධයෙන් තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සදහන් කර තිබේ.