මොළේ මිය ගිය විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුගේ වකුගඩු දෙක, හෘදය , අග්න්‍යාසය , අක්මාව සහ ඇස් ජීවිතයත් මරණයත් අතර සිටි රෝගීන් පස්දෙනෙකුට බද්ධ කිරිම සඳහා ඔහුගේ දෙමාපියන් කැමැත්ත පළ කර තිබෙන බව වාර්තා වේ .
ඔහුගේ ඇස් දෙක මේ වන විටත් දෙනෙත් නොපෙනෙන දෙදෙනෙකුට ආලෝකය ලබාදීම සඳහා ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය විසින් ලබාගෙන තිබේ .
මෙම තරුණයා 23 හැවිරිදි වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක් වන අතර මොහු දුම්රියකින් ඇද වැටී මොළයට හානි වී ඇති බව ද වාර්තා වේ .
පසුව එම තරුණයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබේ .
එමෙන්ම රෝගීන්ට බද්ධ කිරීම සඳහා ඔහුගේ සම, රුධිර නාල සහ දණහිස් කටු ඇතුළු ශරීර කොටස් රැසක්ම මවුපියන්ගේ කැමැත්ත මත දන් දී තිබේ.














































