ඉගෙනීම අතරතුරදී පාඩම්වලට ඇති අවධානය වෙනත් පැතිකඩකට යොමු වීම සීමා කිරීමේ අරමුණින් 2024 ජනවාරි පළමුවැනිදා සිට නෙදර්ලන්තයේ පන්ති කාමරවල ජංගම දුරකථන , ටැබ්ලට් සහ ස්මාට් ඔරලෝසු භාවිතය බොහෝ දුරට තහනම් කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.
නෙදර්ලන්ත රජය විසින් මෙම නියෝගය අඟහරුවාදා දින ප්‍රකාශයට පත් කර ඇති අතර මෙම තහනම අමාත්‍යාංශය , පාසල් සහ අදාළ සංවිධාන අතර ඇති කර ගන්නා ලද එකගතාවක් මත තීරණය කර ඇති බව සඳහන් වේ.
එමෙන්ම මෙම උපාංග විශේෂයෙන් අවශ්‍ය වන්නේ නම් පමණක් භාවිතා කිරීමට අවස්ථාව ලබා දෙන බවත් , එනම් ඩිජිටල් කුසලතා පිළිබඳ පාඩම් අතරතුරේදී , වෛද්‍ය හේතූන් මත හෝ ආබාධිත පුද්ගලයින් සඳහා මෙම උපාංග භාවිතා කිරීමේ අවස්ථාව ලබා දෙන බවත් වාර්තා කර තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එරට අධ්‍යාපන අමාත්‍ය Robbert Dijkgraaf ,
“ ජංගම දුරකථන අපගේ ජීවිත සමඟ බද්ධ වී තිබුණත් ඒවා පන්ති කාමරයට අයත් නොවේ. සිසුන්ට අවධානය යොමු කිරීමට හැකි විය යුතු අතර හොඳින් ඉගෙනීමට අවස්ථාව ලබා දිය යුතුය. ජංගම දුරකථන බාධාවක් බව විද්‍යාත්මක පර්‍යේෂණ පෙන්වා දෙයි. අපි මෙයින් සිසුන් ආරක්ෂා කළ යුතුයි. “















































