සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයට අදාළ ඡන්ද විමසීම අද (08) පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව පාර්ලිමේන්තුව අද (08) පෙරවරු 9.30 රැස්වන අතර ඊට අදාළ ඡන්ද විමසීම පස්වරු 5.30ට පැවැත්වීමට නියමිතව තිබේ.
සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි මෙම විශ්වාසභංග යෝජනාව සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් පසුගියදා ඉදිරිපත් කර තිබුණි.














































