මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයන්ට පවතින වැසි තත්ත්වයන් මත කාසල්රි ජලාශයේ ජල මට්ටම ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බවට එම ජලාශ බාර නිලධාරියකු ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
මේ පිළිබඳව වැඩි දුරටත් කරුණු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මධ්‍යම කදුකරයේ කාසල්රි ජලාශයට ජලය සැපයෙන ජල පෝෂක ප්‍රදේශයන්ට මෙම දිනවල පවතින වැසි තත්ත්වයන් හේතුවෙන් කාසල්රි ජලාශයේ ජල මට්ටම මෙසේ ඉහළ යමින් පවතින බවයි.
එම තත්ත්වයන් මත ඊයේ (05) දින උදෑසන වන විට කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටම අඩි 31 අගල් 02ක් පහළින් පවතින බවත් මෙම දින දෙක තුන තුළදී පැවති වැසි තත්ත්වයන් මත මෙම ජලාශයේ ජල මට්ටම අඩි තුනකින් පමණ ඉහළ ගොස් ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.