අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් නිසා තම සැමියා මැරීමට රුපියල් ලක්ෂයක මුදල් කොන්ත්‍රාත්තුවක් දුන් සැකකාර බිරිඳ , අනියම් ප්‍රේම සබඳතාවය පවත්වාගෙන ගිය සැකකරු ඇතුළු තවත් පුද්ගලයින් සිව් දෙනෙක් ඊයේ (23) ආණමඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
සැකකාරිය මෙසේ අනියම් ප්‍රේම සබඳතාවය පවත්වාගෙන ගොස් ඇත්තේ තම සැමියාගේ හොඳම මිතුරා සමඟ බව සඳහන්.
මෙම සම්බන්ධතාවය පිළිබඳව තම සැමියා දැනගතහොත් එය ගැටලුවක් වන නිසා මෙම සැකකාරිය අනියම් ප්‍රේම සබඳතාවය පවත්වාගෙන ගිය පුද්ගලයා සමඟ එක්ව තම සැමියා ඝාතනය කිරීමට සැලසුම් කර ඇත. මෙම සැකකාරිය තම දරුවන් සමඟ මව්පියන් බැලීමට ගොස් සිටි අවස්ථාවේ මෙම ඝාතනය සිඳු කිරීමට සැලසුම් කර තිබේ. සැකකාරිය සමඟ අනියම් ඇසුර පවත්වාගෙන ගිය පුද්ගලයා විසින් මීගමුවේ පදිංචි කුලී මැරයින් දෙදෙනෙකුට රුපියල් ලක්ෂයක මුදලක් ලබා දෙන බවට පොරොන්දු වී අදාළ පුද්ගලයාව ඝාතනය කරන ලෙසට කොන්ත්‍රාත්තුව ලබා දී තිබේ.
මෙසේ කඩු පහරින් තුවාල ලැබූ අදාළ සැමියා මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.
සිද්ධියට සම්බන්ධ සැකකාර බිරිඳ , අනියම් ඇසුර පවත්වාගෙන ගිය පුද්ගලයා මෙන්ම අනෙක් සැකකරුවන් ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඝාතනය සඳහා යොදා ගත් කඩු සහ පිහි පාලියාම නෑබඩ වැවට විසිකර තිබිය දී සොයා ගත් බව සඳහන්.














































