තම බිරිඳ සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වා ගෙන ගිය තම මිතුරාගේ ගෙල කපා ලේ පානය කළ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ.
ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ චික්කබල්ලාපූර් ප්‍රදේශයේ මෙම සිදුවීම සිදුව ඇති අතර මෙම පුද්ගලයාගේ මිතුරා ඔහුගේ බිරිඳ සමඟ අනියම් සම්බන්ධතාවයක් පවත්වන බවට තොරතුරු ලැබී තිබේ. අනතුරුව ඒ සම්බන්ධයෙන් විමසීම සඳහා ඔහුව හමුවීමට පැමිණෙන ලෙස දන්වා තිබේ. එලෙස ඔවුන් දෙදෙනා හමු වූ අවස්ථාවේ දී ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් සැමියා විසින් තියුණු ආයුධයකින් මෙලෙස මිතුරාගේ ගෙල කපා පසුව ලේ පානය කර තිබේ. තුවාල ලබා බරපතළ තත්ත්වයෙන් සිටි මිතුරා ප්‍රාදේශීය රෝහලක් වෙත ඇතුළත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන ඇති අතර මිනී මැරීමට තැත් කිරීම යන චෝදනාව යටතේ ඔහුට නඩුවක් ද ගොනු කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරයි.















































