Prednisolone ඖෂධය භාවිතයෙන් පසු ඇතිවන සංකූලතා හේතු කොටගෙන එම ඖෂධය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තත්ත්ව පරීක්ෂාවක් සිඳු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර තිබේ. මෙම ඖෂධය හේතුවෙන් මේ වන විට අක්ෂි රෝහලේ සාමාන්‍ය සැත්කම් සියල්ල නවතා ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මෙම ඖෂධය ඉවත් කිරීමෙන් අනතුරුව එලඹෙන සදුදා දින සිට අක්ෂි රෝහලේ කටයුතු සාමාන්‍ය ලෙස පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බව ඔහු වැඩි දුරටත් සඳහන් කරන ලදී.