ඇඟලුම් කම්හලක දොර කඩා ඇතුළු වී නිමි ඇඳුම් සොරකම් කළ එම කම්හලේ සේවිකාවන් හයදෙනෙකු මහවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ .
මාතලේ කවුඩුපැලැස්ස ප්‍රදේශයේ පිහිටි මෙම ඇඟලුම් කම්හලේ වැටුප් නොගෙවීම නිසා උරණ වූ මෙම සේවිකාවන් මෙලෙස මෙහි දොර කඩා ඇතුළු වී භාණ්ඩ සොරාගෙන ඇති බව සඳහන් .
එම සේවිකාවන් විසින් රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනාකමින් යුතු නිමි ඇඳුම් සොරාගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සේවිකාවන් අද (26) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ .