ලොව විශාලතම අයිස් කන්ද වසර 30 කට පසු කැඩී වෙන් වී පාවීමට පටන්ගෙන ඇතැයි විද්‍යාඥයින් පවසන බව වාර්තා වේ .
ඇන්ටාක්ටිකාවට අයත් මෙම අති දැවැන්ත අයිස් කන්ද A23a යන නමින් විද්‍යාඥයන් නම් කර තිබෙන අතර මෙය වර්ග සැතපුම් 1,540 ක් විශාලය. අයිස් කන්දේ ඝනකම අඩි 1,312 කි.
විද්‍යාඥයින් වැඩි දුරටත් සඳහන් කරන්නේ පසුගිය වසර 30 පුරාවට මෙම අයිස් කන්ද මුහුදු පතුලට සම්බන්ධ වී තිබුණු බවත්, දැන් එය කැඩී පාවීමට පටන්ගෙන ඇත්තේ ගෝලීය උණුසුම ඉහළ ගොස් අයිස් දියවීමට පටන් ගැනීමේ අනිසි ප්‍රතිඵලයක් ලෙස බවත් ය.















































