පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් සෙම රෝගයට ප්‍රතිකාර ලබාගත් තරුණයකු එම ඖෂධ පානය කිරීමෙන් පසු අසාධ්‍ය වී මියගොස් ඇති බවට මාතලේ පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති බව වාර්තා වේ .
මෙලෙස මියගොස් ඇත්තේ කලල්පිටිය පාර, උකුවෙල පදිංචිව සිටි 28 හැවිරිදි තරුණයෙකි.
ඔහු ඉකුත් 19 වැනිදා උකුවෙල පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයකින් සෙම රෝගයට ඖෂධ ලබාගෙන ඇති අතර, ඒවා පානය කිරීමෙන් පසු හුස්ම ගැනීමට අපහසු වීම ඇතුළු ශාරීරික අපහසුතා කිහිපයක් ඇතිවී තිබේ.
අනතුරුව මාතලේ මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අසාධ්‍ය තත්ත්වයෙන් සිටි තරුණයා මියගොස් තිබේ.
මෘත දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය මාතලේ රෝහලේදී පවත්වා ඇති අතර, එහිදී ලබාදී ඇත්තේ විවෘත තීන්දුවකි.
ඒ අනුව මෘත දේහයේ කොටස් හා ඔහු විසින් භාවිතා කරන ලද ඖෂධ සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකොට වැඩිදුර වාර්තාවක් ලබාගැනීමට නියමිතව තිබේ.














































