අවුරුදු 15 යි මාස 08ක දැරිවියක් සමග පවුල් ජීවිතයක් ගත කරමින් සිට ඇයව මවක් බවට පත් කළ 21 හැවිරිදි තරුණයෙක් වනාතවිල්ලුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
බාලවයස්කාර දැරිය දරු ප්‍රසූතියක් සිදුකර පුත්තලම මූලික රෝහලේ 8 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින විට ඊයේ (29) සවස රෝහලේ නිලධාරීන් විසින් පොලීසියට දැනුම් දී තිබේ.
ඒ අනුව ඇරඹු විමර්ශන අනුව පුත්තලම – ස්මායිල්පුරම් පදිංචි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය 2022 වසරේ නොවැම්බර් මාසයේ මවක් බවට පත් ව ඇති දැරිවියව තමන් වාකරේ ප්‍රදේශයට රැගෙන ගොස් ඇය සමග අඹු – සැමියන් ලෙස ජීවත් වූ බවත්, පසුව 2023 පෙබරවාරි මස 11 වැනිදා සිට නැවත වනාතවිල්ලුව ප්‍රදේශයට පැමිණ කුලී නිවසක ඇය සමග සිටි බව ද සැකකරු පොලීසිය හමුවේ පවසා ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු පුත්තලම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.














































