කොළඹ මහනගර සභාවට අයත් කැබ් රථයක උපාංග සොරකම් කළ නගර සභා සේවකයින් දෙදෙනෙකු බම්බලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
කොළඹ මහනගර සභාවට අයත් දිසා ජල ප්‍රවාහන අංශයේ නවත්වා තිබූ ඩබල් කැබ් රථයක උපාංග මෙලෙස සොරකම් කර ඇති බවට පොලිසිය ප්‍රකාශ කර තිබේ.
සොරා ගන්නා ලද උපාංග වල වටිනාකම රුපියල් ලක්ෂ දෙක ඉක්මවන අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් අද(29) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.














































