වයස අවුරුදු 11ක් වන බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කළ බව කියන හිමිනමක් අඹන්පොළ පොලිසියේ ළමා හා කාන්තා කාර්‍යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ මැදවච්චිය – වනමල්ගොල්ලෑව ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරන අවුරුදු 59ක් වන හිමිනමකි.
මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ අඹන්පොළ නගරයේදීය.
අතවරයට ලක්ව ඇති දැරිවිය ප්‍රදේශයේ පාසලක 07 වන වසර ඉගෙනුම ලබමින් සිට ඇති අතර දැරිවිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා නිකවැරටිය මූලික රෝහලට යොමු කර ඇති බව සදහන්.
අත්අඩංගුවට ගෙන ඇති සැකකාර හිමිනම මහව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.