එළඹෙන වසරේදී රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් සිදු නොකරන බවත් , ඒ සඳහා ප්‍රතිපාදන වෙන් නොකරන බවත් මහා භාණ්ඩාගාරයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා දැනුම් දී තිබෙන බව වාර්තා වේ .
ඔහු මේ බව ප්‍රකාශ කළේ ලබන වසර සඳහා වන අයවැය ඇස්තමේන්තු පිළියෙළ කිරීමට අදාළ මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කරමිනි.
එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ මෙම වර්ෂයේ ජුනි මස 30 වනදාට සිටින සේවකයින් සංඛ්‍යාව පදනම් කරගනිමින් ලබන වර්ෂය සඳහා වැටුප් , වේතන හා අනෙකුත් දීමනා ඇස්තමේන්තු සකස් කරන බවයි.














































