English
සිංහල
22:24 බ්‍රහස්පතින්දා, අප්‍රේල් 30, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    විදුලිබල ඇමතිගෙ වැඩ නිසා ලංකාවේ මිනිස්සුන්ට බොන්න තියෙන වතුර ටිකත් නැතිවෙන ලකුණු.

    publisher 1 by publisher 1
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාගේ නිර්දේශ මත පත්කල කමිටුවක් විසින් ලංකා විදුලි බල මණ්ඩල පනත අහෝසි කර එහි සම්පත් 2007 අංක 7 දරන සමාගම් ආඥා පනත යටතේ ස්ථාපිත සමාගම් 14කට පැවරීම සදහා යෝජනාවලි‍යක් සහ පනත් කෙටුම්පතක් සකස් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝ‍ගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා අනාවරණ කළේ ය. ජනක රත්නායක මහතා පෙන්වාදෙන්නේ අදාල කෙටුම්පතෙහි යෝජනා ක්‍රියාත්මක කළහොත් මහවැලි බලාගාර, ලක්ෂපාන බලාගාර, උමා ඔය ඇතුළු අනෙකුත් සියළුම ජල බලාගාර සහ නොරොච්චෝලේ ඇතුළු සියළු තාප බලාගාර වෙන් වෙන් සමාගම් වලට පැවරීම හේතුවෙන් ජාතික බලශක්ති සුරක්ෂිතතාවය සමාගම් වල පාලනයට නතු වන බවයි. ඊට අමතරව ජල බලාගාර අයත් සමාගම් වල ප්‍රමුඛතාවය අනුව බලාගාර වලට ජලය සපයන ගංගා හා ජලාශවල ජල කළමණාකරනය කළ යුතු බවට ප්‍රතිපාදනද මෙම කෙටුම්පතට ඇතුළත් කිරීමෙන් ජනතාවගේ කෘෂි හා පානීය ජල අවශ්‍යතා සම්බන්ධ අයිතිවාසිකම් වලට ද අභියෝගයක් එල්ල වනු ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පෙන්වා දේ. මේ පිළිබද වැඩිදුර පැහැදිලි කරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා….
    “ සාමාජිකයින් 7 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් විසින් ලංකා විදුලිබල මණ්ඩලය සම්පුර්ණයෙන් අහෝසි කර එහි සම්පත් තවත් සමාගම් 14 කට ඊට වැඩි ගණනකට පැවරීම සදහා ශ්‍රී ලංකා විදුලිබල කර්මාන්ත ප්‍රතිව‍්‍යුහගත කීරීමේ පනත නමින් කෙටුම්පතක් සකස් කර තිබෙනවා. එහි එක් සාමාජිකයෙකු විසින් අදාල කෙටුම්පත පිළිබද පසුගියදා මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කර තිබුණා. මේ කමිටුවට පැවරූ කාර්යය වෙනුවට තමන්ට අදාල නොවන කාර්යයන් කර ඇති බව කිව යුතුයි. අමාත්‍ය මණ්ඩලය විසින් මෙම කමිටුවට පවරා ඇත්තේ 2002 අංක 38 දරන ශ්‍රී ලංකා විදුලිබල ප්‍රතිව්‍යුහගත කිරීමේ පනතේ සදහන් ලංකා විදුලිබල මණ්ඩලයේ ආයතනික ව්‍යුහය පිළිබද අධ්‍යයනය කර ඒ ආයතනික ව්‍යුහය ක්‍රියාවට නැගීම සදහා නිර්දේශ ඉදිරිපත් කිරීමටයි. ඒ ආයනික ව්‍යුහය ලෙස දක්වා ඇත්තේ ජනනය, සම්ප්‍රේශණය හා බෙදාහැරීමේ කටයුතු කාර්යක්ෂම කිරීමේ ආයතනික ව්‍යුහයයි. නමුත් මෙම කමිටුව සකස් කරන කෙටුම්පත ඔවුන්ගේ පෞද්ගලික අභිලාෂ සාක්ෂාත් කරගැනීමට ඉලක්ක කර තිබෙනවා. විදුලිබල කර්මාන්තයේ සැබෑ ප්‍රතිසංස්කරණ වලට වඩා පුද්ගලික හා දේශපාලනික අරමුණු ඉටුකර ගැනීම පෙරදැරි කරගත් අරමුණු මෙම කෙටුම්පතට අඩංගුයි. මේ කෙටුම්පතේ ප්‍රධාන යෝජනාවක් වන්නේ ලංකා විදුලි බල මණ්ඩල පනත අහෝසි කොට මුල් අදියරේදී ලංවිමේ සියලු සම්පත් සමාගම් 14කට පැවරීම. ඒ මගින් සියලු මහවැලි බලාගාර එක් සමාගමකට පැවරීමට නියමිතයි. ලක්ෂපාන සංකීර්ණයේ සියලු බලාගාර තවත් සමාගමකට පැවරීමට නියමිතයි. සමනල වැව, උමා ඔය හා කුකුලේ ගග ඇතුළු ජල බලාගාර තවත් සමාගමකට පැවරෙනවා. නොරෝච්චෝලෙ බලාගාරය ද වෙනත් සමාගමකටය පැවරීමට නියමිතයි. මේ ආදී වශයෙන් ලංවිමට අයත් සියලු බලාගාර සමාගම් 6කට පැවරීමට ඉලක්ක කර තිබෙනවා. ජාතික සම්ප්‍රේශණ පද්ධතිය මෙන්ම බෙදාහැරීම් පද්ධති ද වෙන් වෙන් සමාගම් වශයෙන් කඩා වෙන්කෙරෙනවා. විදුලිය මිලදී ගැනීමේ බලයද තවත් සමාගමකට පැවරෙනවා. එපමණක් නෙවෙයි ලංවිම සේවක අර්ථ සාධක අරමුදල් පාලන බලතල ද සමාගමකට පැවරෙනවා. ඉහත සමාගම් වලට වෙන් කළාට පසුව ඉතිරි වන යම් වත්කමක් ඇත්නම් ඒවා පැවරීමට තවත් සමාගමක යෝජනා කර තිබෙනවා. මේ යෝජනාවලිය ක්‍රියාත්මක කලහොත් අනාගතයේදී මේ බෙදා වෙන් කරන සමාගම් පුද්ගලීකරණය කිරීම නිසා මේ රටේ බලශක්ති සුරක්ෂිතතාවය අනතුරුදායක තත්වයකට ඇද වැටෙන බව පැහැදිලියි”
    ජල බලාගාර සමාගම් වල අවශ්‍යතායට ප්‍රමුඛතාවය දී ජල බලාගාර සදහා ජලය සැපයෙන ගංගා හා ජලාශ වලින් ජලය මුදා හැරිය යුතු බවට ප්‍රතිපාදන මේ පනතට ඇතුළත් කිරීම හේතුවෙන් ගොවි ජනතාවගේ හා මහජනතාවගේ කෘෂි හා පානීය ජල අවශ්‍යතාවලට ප්‍රමුඛතාවය අහිමි වන බවද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පෙන්වා දුන්නේ ය.
    “දැනට ක්‍රියාත්මක ප්‍රමුඛතා ලැයිස්තුවේ මුලින්ම ලැයිස්තුගත කර ඇත්තේ පානීය හා හා කෘෂි අවශ්‍යතාවයන් ඉටුකිරීම සදහා ජලය නිකුත් කිරීමයි. එහෙත් යෝජිත කෙටුම්පතේ 115 වන වගන්තියෙන් ජල විදුලි බලාගාර සමාගම් වලට ප්‍රමුඛතාවය දී තිබෙනවා. මේ නව සමාගම් වල විදුලිය ජනනය සදහා අවශ්‍ය ජලය මුදා හැරිය යුතු බවට කොන්දේසී පැනවීමෙන් මහජනතාවගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බව කිව යුතු යි”

    යෝජිත විදුලි බල ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත මගින් විදුලිබල කර්මාන්තයේ වත්මන් නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ද අහෝසි කිරීමට ප්‍රතිපාදන සළසා ඇති බව ජනක රත්නායක මහතා අනාවරණ කළා
    “ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පාර්ලිමේන්තුවට වගකියන බලගතු ස්වාධින පනතක් මගින් ස්ථාපිත ආයතනයක්. එය සෑම විටම ප්‍රතිපත්ති සංවර්ධන හා ක්‍රියාත්මක කිරීමේ විෂය බාර අමාත්‍යවරයා යටතේ ක්‍රියාත්මක ආයතනයක්. ඒ සදහා පනත මගින්ම ප්‍රතිපාදන සලසා තිබෙනවා. ඒ හේතුවෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට ඝෘජුව කොමිෂන් සභාවේ තීරණ වලට බලපෑම් කිරීමේ හැකියාව අහුරා තිබෙනවා. මේ තත්වය නිසා තමයි පසුගිය කාලය තුලදී හිටපු විදුලි බල අමාත්‍යවරුන්ගේ වුවමනාවට ඉදිරිපත් කල හදිසි විදුලිය මිලදී ගැනීමේ යෝජනා 16ක් කොමිෂන් සභාවට ප්‍රතික්ෂේප කිරීමට හැකියාව ලැබුණේ. නව පනත මගින් කොමිෂන් සභාව වෙනුවට විදුලිබල නියාමන කොමිසම යනුවෙන් ආයතනයක් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා යටතේ පිහිටවනවා. ඒ කොමිසමට සාමාජිකයින් මෙන්ම එහි අධ්‍යක්ෂ ජනරාල් වරයාද පත්කරන්නේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය වරයා විසින්. මේ නිසා අමාත්‍යවරයා විසින් යෝජනා කරන සියලු අනිසි යෝජනා කොමිෂන් සභාව මගින් අනුමත කර ගැනීමේ හැකියා ව ලැබෙනවා. මේ තත්වය යටතේ විදුලි පාරිභෝගිකයාගේ හා මහජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන ස්වාධින ආයතනයක් වෙනුවට අමාත්‍යවරයා විසින් පාලනය කරන රූකඩයක් වැනි නියාමන ආයතනයක් බිහිවන බව කිව යුතු යි. එපමණක් නෙවෙයි මේ යෝජිත පනත මගින් තවත් ආයතන හා කමිටු ගණනාවක් පිහිටුවීමට යෝජනා කර තිබෙනවා. ඒවායේ සාමාජිකයින් වැඩි සංඛ්‍යාවක් පත් කරන්නේ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින්. මේ අවස්ථාවේ කල යුත්තේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වැනි ස්වාධින ආයතන වල බලතල තවත් ශක්තිමත් කිරීමයි”

    Tags: ප්‍රජා පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version