මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට ඉදිරි දිනවලදී වැසි පතිතවුවහොත් අඹගමුව ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශය ඇතුළු විවිධ ස්ථානවල පස් කඳු කඩා වැටිමේ අවදානමක් පැවතිය හැකි බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ එච්. එම්. එම්.බී. බණ්ඩාර මහතා ප්‍රකාශ කර තිබේ.
මේ පිළිබඳව වැඩි දුරටත් අදහස් දැක්වු බණ්ඩාර මහතා ප්‍රකාශ කරන ලද්දේ මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට පවතින වැසි තත්ත්වයන් ඉදිරි දිනවලද පැවතියහොත් අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ විවිධ ස්ථානවල මෙන්ම හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ මෙන්ම අවට මාර්ගවල යම් යම් ස්ථානවල පස් කඳු කඩා වැටිමේ අවදානමක් පැවතිය හැකි බවයි.
මෙම තත්වයන් හේතුවෙන් පස් කඳු අසල ජිවත් වන පිරිස් දැඩි අවදානයකින් සිටිය යුතු බවත් , මෙම ප්‍රදේශයන් තුළ මාර්ග අයිනේ රථ වාහන නතර කරන පිරිසස් ද දැඩි අවදානයකින් සිටිය යුතු බවත් බණ්ඩාර මහතා වැඩි දුරටත් සඳහන් කරන ලදී.